අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික ප්‍රශ්න ගැන ලැබෙන පැමිණිලි විසඳීමට උපදෙස් දී තිබෙනවා

    නොවැම්බර් 19, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) ආගමික ප්‍රශ්න සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විසඳීමට උපදෙස් දී තිබෙන බවත් සිද්ධීන් තුනක් පමණක් සිදු වූ අතර බෞද්ධ, කතෝලික ජනතාව සමඟියෙන් සිටින බවත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

    අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද බුද්ධශාසන හා ආගමික කටයුතු, තැපැල් සේවා, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන, පුද්ගලික ප්‍රවාහන සේවා, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ, ජාතික උරුමයන් පිළිබඳ, තාක්ෂණ හා පර්යේෂණ, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික හා කලා කටයුතු යන අමාත්‍යාංශයන් හි වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

    සුළු පිරිසක් සිද්ධි ඇති කෙරෙව්වා. ඒ සිද්ධි සම්බන්ධයෙන් කමිටුවක් පත් කළා. අබමල්රේණුවකින්වත් කිසි ම ආගමකට හානියක් සිදු වෙන්න දෙන්නේ නැහැ. සියලු ආගම් සාධාරණව ඇදහීමට අයිතිය ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙනවා. වැරදි සිදු වෙනවා නම් නීතියෙන් ක්‍රියා කරන බවත් බොහෝ රටවල් එකම ආගම දෙකට කැඩීම නිසා මරාගන්නා අතර ශ්‍රී ලංකාවේ තිබෙන්නේ සුළු සිද්ධීන් පමණක් බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ආගම් හතරේ දියුණුවට මුදල් වෙන් කර තිබෙනවා. ලෝකයේ වෙනත් රටවල් රජයේ මුදල් ආගම්වලට යොදවන්නේ නැහැ. අපේ රටේ පමණයි එහෙම සිදු කරන්නේ.

    අරාබි රටවල එකම අය දෙකට බෙදිලා මරාගන්නවා. එවැනි තත්ත්වයක් ලංකාවේත් ඇති වේවිද කියා හිතෙනවා. ස්වාමීන් වහන්සේලාට අවවාද දෙන්න ඕන නිවැරදි මාවතට එන්න. භික්ෂූන් වහන්සේලා දේශපාලනය කරන එක හොඳ  නැහැ. රට ගැන, ජාතිය ගැන හිතා බලා කටයුතු කරන්න ඕනෑ.  30 වසරක යුද්ධය නිමා කර තිබෙනවා. රට නැවත බෙදන්න දෙන්නේ නැහැ. ජනාධිපතිවරණය තියලා අලුත් වෙලා පාප්වහන්සේ පිළිගන්න ජනාධිපතිතුමා සූදානම්. හෙළ උරුමය ගිය එක හොඳයි. පොඩි තරගයක් තිබෙන්නට ඕනෑ. ඒවා පරාජය කර ජයග්‍රහණය ලැබෙන එක ස්ථිර බව ද අග්‍රාමත්‍යවරයා සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya