අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැය කාරක සභා අවස්ථා‍වේ විවාද‍යේ දහහතර වැනි දිනය අද‍

    නොවැම්බර් 19, 2014

    විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 14 වැනි දිනය වන අද (19) අමාත්‍යාංශ එකොළහක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත් වේ.


    2015 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ව පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා කළ අතර පාර්ලිමේන්තුව එම යෝජනාව සම්මත කර තිබුණි.


    2015 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු පිළිබඳ කාරක සභා අවස්ථාවේ වැඩසටහන සඳහා වෙන් කොට ඇති කාලසීමාව දින 17ක් වන හෙයින් ද, අයවැය කාරක සභා අවස්ථාවේ වැඩසටහන සඳහා දිනකට පැය 8ක් පමණ වෙන්කර ඇති අතර, එක් දිනකදී අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂයන් පිළිබඳ ව සාකච්ඡා කිරීමට ඇති හෙයින්, ඒ අනුව එක් වැය ශීර්ෂයක් සඳහා වෙන් කර ඇත්තේ ආසන්න වශයෙන් පැය 02ක පමණ කාල සීමාවක් වන හෙයින් ද, ඒ අනුව එක් එක් අමාත්‍යංශය තුළ වැය ශීර්ෂ සාකච්ඡා කිරීම සඳහා වෙන්කර ඇති කාලය සීමාසහිත වන හෙයින් ද,


    පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයාගේ සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයාගේ එකඟත්වය පරිදි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කරන ලද මතු සඳහන් ඇමිණුමේ පරිදි අමාත්‍යංශ 22 සහ විශේෂ කාර්යයන් පිළිබඳ ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයන් පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ කාරක සභාවක් පත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි. යනුවෙන් එහි දැක් වේ.


    එසේ විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද අමාත්‍යංශ 22න් 11ක වැය ශීර්ෂ ඊයේ විවාදයට ගෙන සම්මත වූ අතර අද ඉතුරු අමාත්‍යංශ 11හි වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කරයි.


    ඒ යටතේ

    -බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 1,205,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 750,000,000ක් වැය ශීර්ෂ 101හා 201 සිට 205 යටතේ අනුමත කරගැනීමට ද

    -තැපැල් සේවා අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 9,837,400,000ක් ද මූලධන වියදම් සඳහා රු. 220,000,000ක් වැය ශීර්ෂ 108 හා 308 යටතේ අනුමත කරගැනීමට ද

    -ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 357,800,000ක් ද මූලධන වියදම් සඳහා රු. 350,000,000ක් වැය ශීර්ෂ 134 හා 236 යටතේ අනුමත කරගැනීමට ද

    -රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 93,400,000ක් ද මූලධන වියදම් සඳහා රු. 164,000,000ක් වැය ශීර්ෂ 175 යටතේ අනුමත කරගැනීමට ද

    -පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 681,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 200,000,000ක් වැය ශීර්ෂ 184 යටතේ අනුමත කරගැනීමට ද

    -මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 76,830,000ක් ද මූලධන වියදම් සඳහා රු. 350,000,000ක් වැය ශීර්ෂ 183 යටතේ අනුමත කරගැනීමට ද
     
    -රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 136,500,000ක් ද මූලධන වියදම් සඳහා රු. 102,000,000ක් වැය ශීර්ෂ 173 යටතේ අනුමත කරගැනීමට ද

    -ජාතික උරුමයන් අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 1,090,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 550,000,000ක් වැය ශීර්ෂ 142, 207 සිට 209 යටතේ අනුමත කරගැනීමට ද

    -තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 1,578,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 1,300,000,000ක් වැය ශීර්ෂ 133 යටතේ  අනුමත කරගැනීමට ද

    විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 229,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 670,000,000ක් වැය ශීර්ෂ 185 යටතේ අනුමත කරගැනීමට ද  

    -සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 1,150,000,000ක් වැය ශීර්ෂ 177 හා 206 යටතේ  මූලධන වියදම් සඳහා රු. 1,500,000,000ක් ද අනුමත කරගැනීමට ද අද විවාදය පැවැත් වේ.


    පෙරවරු 10.00 සිට පස්වරු 6.30 දක්වා මෙම විවාදය පැවැත්වේ.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya