අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජෛව විවිධත්වයේ අයිතිය තේරුම් ගත් ජනාධිපතිතුමා වෙන ම අමාත්‍යාංශයක් පිහිටෙව්වා

    නොවැම්බර් 18, 2014

    මුළු මහත් ජෛව විවිධත්වයේ අයිතිය තේරුම් ගත් ජනාධිපතිතුමා වෙන ම අමාත්‍යාංශයක් පිහිටුවා තමා අමාත්‍යවරයා ලෙස පත් කළ බවත් පාසල් දරුවන්ට විෂයයක් ලෙස ජෛව විවිධත්වය එක් කළේ මෙහි වටිනාකම අවබෝධ කරගෙන බවත් වනජීවී සංරක්ෂණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

    අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද ඵලදායිතා ප්‍රවර්ධන, වැවිලි කර්මාන්ත, සුළු අපනයන බෝග ප්‍රවර්ධන, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන, සීනි කර්මාන්ත සංවර්ධන, විශේෂ ව්‍යාපෘති, සමාජ සේවා, නැවත පදිංචි කිරීමේ, ආපදා කළමනාකරණ, උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු හා වනජීවී සම්පත් සංරක්ෂණ යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

    මේ රටේ සංචාරක ව්‍යාපාරය සමඟ අපි බද්ධ වී සිටිනවා. 2014 මේ වන විට විදෙස් සංචාරකයන් 341,227ක් පැමිණ තිබෙනවා වන සම්පත බලන්නට. වන සතුන්ගේ පෝෂණය තහවුරු කරමින් ඔවුන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය අපි ලබා දිය යුතුයි. අනාගත පරපුරට අපේ වන සම්පත ආරක්ෂා කර දීම අපේ යුතුකමක්. අලි මිනිස් ගැටුම නිසා එක් පැත්තකින් මිනිස්සුත් තවත් පැත්තකින් අලිත් මැරෙනවා. අලිමංකඩ විවෘත කරමින් අලි ප්‍රජනනය ඇති වන අයුරින් අපි අලි මිනිස් සංහිඳියාව ඇති කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

    සුඛෝපභෝගී ස්ථාන වනයේ සංචාරකයින් සඳහා ඉදිකරන්නේ නැහැ. ඒ වෙනුවට පරිසර හිතකාමී කඳවුරු බිම් සකස් කිරීමේ වැඩපිළිවෙළකට අපි අවතීර්ණ වී සිටිනවා. වන සතුන්ට ඉන්නේ මා නිසා ඔවුන් ආරක්ෂා කිරීම මගේ වගකීමක් වෙනවා. අධිරාජ්‍යවාදී  විජාතික බලවේගවලට පිළිතුරක් දීමට ජනතාව අතරට යාමට ජනාධිපතිතුමා ධූර කාලය අවසන් වීමට පෙර සූදානම් බවත් මේ රටේ ජනතාව එතුමා සමඟ සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya