Print this page

පවුල් 222,888ක් නැවත පදිංචි කර අවසන්

නොවැම්බර් 18, 2014

(දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) උතුරු හා නැගෙනහිර පළාත්වල පවුල් 222,888ක් නැවත පදිංචි කර අවසන් බව නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

 

අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද ඵලදායිතා ප්‍රවර්ධන, වැවිලි කර්මාන්ත, සුළු අපනයන බෝග ප්‍රවර්ධන, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන, සීනි කර්මාන්ත සංවර්ධන, විශේෂ ව්‍යාපෘති, සමාජ සේවා, නැවත පදිංචි කිරීමේ, ආපදා කළමනාකරණ, උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු හා වනජීවී සම්පත් සංරක්ෂණ යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

2005 දී මෙම අමාත්‍යාංශය පිහිටෙව්වා. 2010 දී වෙනම අමාත්‍යාංශයක් ලෙස අභියෝගවලට මුහුණ දෙමින් කටයුතු කළා. මේ වැඩසටහන ගැන කිව් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අපි ඔවුන් බලෙන් පදිංචි කළ බව සඳහන් කළා. මංගලගම සිංහල ගමක්. එල්.ටී.ටී.ඊ.ය මේ ගමෙන් සිංහල ජනතාව පළවා හැරියා. රිසාඩ් බදියුදීන් අමාත්‍යවරයා අනාථ කඳවුරක සිට ඡන්දය ඉල්ලපු කෙනෙක්. මුරලිදරන් අමාත්‍යවරයා ඒ කාලේ  එල්.ටී.ටී.ඊ.යේ නියෝග පිළිපැද්දත් දැන් ජනාධිපතිතුමාගේ නියෝග පිළිපදිමින් සංවර්ධන යුද්ධය සමඟ එක් වී සිටිනවා. මේ වෙනස තේරුම් ගන්නා ලෙසත් අපේ විෂය පථයේ 80%ක කටයුතු මේ වන විට අවසන් කර තිබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

NDH/HC