Print this page

2015 අය-වැය කාරක සභා අවස්ථා‍වේ විවාද‍යේ දොළොස්වැනි දිනය අද‍ Featured

නොවැම්බර් 17, 2014

විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 12 වැනි දිනය වන අද (17) අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත් ‍වේ.


ක්‍රීඩා අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යන අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය අද පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ති‍බේ.


ක්‍රීඩා අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 998,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 3,000,000,000ක් ද අනුමත කරගැනීමට ද

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 23,000,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 18,100,000,000ක් ද අනුමත කරගැනීම‍ට ද ආණ්ඩු පක්ෂය අ‍පේක්ෂා කරයි.


‍පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා ක්‍රීඩා අමාත්‍යාංශයේ 136 හා 219 වැය ශීර්ෂයන් විවාදයට ගනු ලැබූ අතර පස්වරු 1.00 සිට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ 171, 214 වැය ශීර්ෂයන් ද විවාදයට ගැනේ. එම විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්වේ.


HC/NDH