Print this page

වොලිබෝල් ක්‍රීඩාව ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්කර ගෙන තිබෙනවා

නොවැම්බර් 17, 2014

(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) 2008 සිට අද දක්වා වොලිබෝල් ක්‍රීඩාව ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගෙන ඇති බවත් ඒ සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ දිගට ම ගෙන යන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන  හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දොළොස් වැනි දින විවාදයට එක්වෙමිනි.

අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ 136 හා 219 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි‍.

නිදහසින් පසුව ඈත එපිට ගම්මානවලට ක්‍රීඩාව වෙනුවෙන් යම් සේවයක් කළ අමාත්‍යවරයෙක් ඉන්නවා නම් ඒ මහින්දානන්ද අලුත්ගමගේ මහතායි. ලංකා ඉතිහාසයේ 20විස්ස තරගයෙන් ලෝක සූරයන් වුණේ මේ අමාත්‍යවරයාගේ කාලයේ බවත් රට පුරා ක්‍රීඩාව විවෘත කිරීම සම්බන්ධයෙන් අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නිසා වෙනසක් සිදු වී ඇති බවත් ඔහු කීය.

තහනම් උත්තේජක භාවිතය ගැන ජාත්‍යන්තර වශයෙන් සියලු ම ක්‍රමවේද අනුගමනය කර නතර කරන්න කටයුතු කරනවා. අමාත්‍යවරයාට පමණක් අමාත්‍යාංශයක් ඉදිරියට ගෙන යන්න බැහැ. මේ සඳහා එහි නිලධාරීනුත් සිටිය යුතුයි. නිලධාරීන්ට චෝදනා එල්ල කර මානසික මට්ටම වට්ටනවා නම් එහි කටයුතු කළ නොහැකියි. රටක ක්‍රීඩාව මනින එකම මිනුම් දණ්ඩ ජාත්‍යන්තර කුසලාන හෝ සම්මාන ප්‍රමාණය විතරක් නොවන බවත් එය එක් මිනුම් ඒකකයක් පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

NDH/HC