Print this page

ලංකා ඉතිහාසයේ වැඩි ම මාධ්‍ය නිදහසක් ඇති යුගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයයි

නොවැම්බර් 15, 2014

ලංකා ඉතිහාසයේ වැඩි ම මාධ්‍ය නිදහසක් ඇති යුගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගය බව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහවෙනි දින විවාදයට එක්වෙමිනි.

අද පස්වරුවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ122, 210 හා 211 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රාජ්‍ය මාධ්‍යයට හිමි පංගුව කුඩා වුවත් වැඩියෙන් ම කතා කරන්නේ රාජ්‍ය අංශය ගැන පමණයි. මාධ්‍ය හොඳ දේ දෙනවා නම් ජනතාව එම මාධ්‍ය සමඟ සිටිනවා. ජනාධිපතිතුමා විවේචනය කිරීමට ඉඩ හදලා දීලා තිබෙනවා. කවුරුත් බාධා කරන්නේ නැහැ. අවසානයේදී නැරඹිය යුත්තේ කුමක්ද කියා තීරණය කරන්නේ ජනතාවයි. මේවාට වඩා භයානක හානියක් කරන්නේ වෙබ් අඩවිවලින්. අසත්‍ය දේවල් වැඩියෙන් ප්‍රකාශ කරන වෙබ් අඩවිවලින් කතා උපුටා ගෙන කරුණු ඉදිරිපත් කිරිම සිදු කරනවා. තමන්ට අවශ්‍ය දේ මෙවැනි වෙබ් අඩවිවල පළ කර ගෙන බොරුව ඇත්ත කරන අවස්ථා තිබෙනවා යැයි ද ඔහු සඳහන් කළේය.

 

NDH/HC