Print this page

ත්‍රස්තවාදය අවසන් කිරීම වෙනුවෙන් ජනපතිට සම්මාන හිමි වුණා

නොවැම්බර් 14, 2014

ත්‍රස්තවාදය අවසන් කිරීම වෙනුවෙන් සිදු කළ මෙහෙවර සඳහා බොලීවියාව ඇතුළු රටවල් ගණනාවකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සම්මාන හිමි වුණා යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහවෙනි දින විවාදයට එක්වෙමිනි.

අද පෙරවරු 10.00 සිට 12.30 දක්වා විදේශ කටයුතු අමාත්‍යංශයේ 112 වැය ශීර්ෂය විවාදයට ගැනිණි.

යුරෝපා රටවල් හා අප අතර ප්‍රශ්න ඇතිකරන්නට ඇතැම් අය උත්සාහ කරනවා. එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ විදේශ සේවය සඳහා  සිදුකළ පත්වීම්වලින් 79%ක් ම සිදු කළේ දේශපාලන පත්කිරීම්. නමුත් අද විදේශ කටයුතු අමාත්‍යාංශය දේශපාලනීකරණය වී නැහැ. අමාත්‍යාංශයේ නිලධාරීන් රජයේ මතය ගෙන යනවා. එහි කිසිදු වරදක් නැහැ. තානාපති කාර්යාල නොතිබූ රටවල පවා මේ වන විට කාර්යාල විවෘත කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයට දක්ෂ නායකත්වයක් තිබෙනවා මෙන් ම අපගේ විදේශ ප්‍රතිපත්තිය හරි ම ශක්තිමත් බවත් අමාත්‍යවරයා පැවසීය.

NDH/HC