Print this page

දෙමළ මාධ්‍යවේදීන්ගේ පහසුකම් වැඩි දියුණුකිරීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා

නොවැම්බර් 14, 2014

දෙමළ මාධ්‍යවේදීන් සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් වැඩි දියුණුකිරීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් නුදුරු දිනෙක ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තුවන බව සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද (14) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහවෙනි දින විවාදයට එක්වෙමිනි.

අද පස්වරුවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ 122, 210 හා 211 වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

දෙමළ ජාතික සංධානය විවිධ ජාතික සංවිධානවල අයගෙන් යුක්ත එකක්. එම සංවිධානවල අය ඔවුන්ව ප්‍රශ්නකරන ලද බොහෝ දෙනෙක් ව පසුගිය කාලවල ඝාතනය කළා. එවැනි අය ද්‍රෝහීන් ලෙස නම් කරමින් ඔවුන්ව ඝාතනය කළා. විකල්ප අදහස් දැරූ අය විනාශ කළ යුතුයි කියන මතයේ ඔවුන් සිටියා. සමහර අයගේ මතය අනුව දොරේඅප්පා වැනි අය පවා ඝාතනය කළා. තමන් කළ එම පාපකාරී ක්‍රියාවන් අද ඔවුන්ට එරෙහිව ම පැමිණි ආකාරය අප දුටුවා. තමන් වපුරනු ලැබූ බීජවල ප්‍රතිඵල ඔවුන් ම නෙළා ගන්නා ආකාරය අප දුටුවා. දෙමළ ජාතික සංධානයේ මෙම පුද්ගලයින් අද ප්‍රජාතන්ත්‍රවාදය දරා සිටිනවා.

මා දේශපාලන හේතූන් මත ඉන්දියාව හෝ වෙනත් රටවල්වලට ගොස් සිටියත් අපේ ජනතාව දුක්විඳින අවස්ථාවල මා ඔවුන් අතහැර ගියේ නැහැ. එදා දෙමළ ජනතාව දුක්විඳින විට විදේශවලට පලා ගොස් සිටි දෙමළ ජාතික සංධානයේ අය අද දෙමළ ජනතාවගේ දුක ගැන කතා කරනවා. එදා දෙමළ ජනතාවගේ හඬ නැඟීමට සිටියේ මා පමණයි. එවැනි එක් අවස්ථාවක මට ප්‍රහාරයක් එල්ලවුණා.

කප්පම් ලබා ගැනීම්, කොල්ලකෑම්, විවිධ බදු අයකිරීම් වැනි බොහෝ දේවලට අපේ ජනතාව ලක් කරනු ලැබුවා. ඉන්දු - ලංකා ගිවිසුම ඉතා වටිනා ගිවිසුමක් බවට පත් ව තිබුණත් ඔවුන් එය විනාශ කරනු ලැබුවා. එදා අපගේ ඓතිහාසික භූමිවලින් අපේ තරුණ තරුණියන් පලවා හරිනු ලැබුවා. කොළඹට පලවා දමන ලද මාධ්‍ය වේදීන්, බුද්ධිමතුන් හා විද්වතුන් කොළඹ කඳවුරු 4ක රඳවා මා ඔවුන් ආරක්ෂා කරනු ලැබුවා. දෙමළ ජනතාව දුක්වින්ද ආකාරය මා ඔවුන්ගෙන් දැනගත්තා. එසේ කළ අය අද ජනමාධ්‍ය නිදහස ගැන කතා කරනවා. අරියනේත්‍රම් මන්ත්‍රීවරයා විදේශවල හිඟමන් යැදීමට ගොස් සිටියා. අපේ ජනතාව වැඩිපුර මියගියොත් පමණයි අපට නිදහස ලැබෙන්නේ කියා ඔහු කියා තිබෙනවා.

එක්තරා මාධ්‍ය ආයතනයක් අද නිවැරදි නොවන අසාධාරණ ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටිනවා. එක්තරා මාධ්‍ය ආයතනයක් අද නිවැරදි නොවන අසාධාරණ ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටිනවා. සරවනභවන් මන්ත්‍රීවරයා සක්විති වගේ ජනතාවගේ මුදල් කොල්ල කෑ පුද්ගලයෙක්. ඔහු නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් කළ යුතු කෙනෙක්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කොටි පුහුණුව ලැබූ කෙනෙක්. බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඔහුට පුහුණුව දී තිබුණා. ශ්‍රීධරන් කියන්නේ සිසුන්ව කොටින්ට බිලි දී කොළඹට පලා ආ පුද්ගලයෙක්. මේ වැනි අය කොහොමද ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ කියා මා අහනවා.

කටින් දේශපාලනය කතා කිරීමෙන් ඵලක් නැහැ. දමිළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න කියා දමිළ සංධාන මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා. එදා 13 වැනි සංශෝධනයට විරුද්ධ වී අද එය හොඳයි කියනවා. එදා අප කිව්වා 13 වැනි සංශෝධනය පිළිගෙන ඉතුරු ඉල්ලීම් සඳහා කටයතු කළ යුතු බව. අපගේ දේශපාලන මතිමතාන්තර අද ජයග්‍රහණය කර තිබෙනවා. එදා අපගේ මතය පිළිගත්තා නම් අපගේ ජනතාව වෙල්ලමුල්ලි වෛයික්කාල්වල දී මියයන්නේ නැහැ. අපගේ ජනතාව විඳි දුක් ගැන කල්පනා කරනකොට අප මුහුණ දුන් අවමාන ප්‍රමාණවත් නෑ. අප රජය සමඟ එකඟතාවක් අනුව කටයුතු කරනවා. දෙමළ සංධානයේ මන්ත්‍රීවරුන් තමන්ගේ පුද්ගලික වුවමනාවන් වෙනුවෙන් ආණ්ඩුවෙන් ඵල ප්‍රයෝජන ගන්නවා. සරවනභවන් තමන්ගේ දරුවන්ට ජනාධිපතිතුමාට මාමා කියා අමතන්න කියා තිබෙනවා. නමුත් දෙමළ ජනතාවගේ ඡන්ද කොල්ලකෑමට ඒ ජනතාවට වෙනත් දේ කියනවා.

අප අපගේ අයිතිවාසිකම් වෙනුවෙන් කා ඉදිරියේවත් දණගසා සිටියේ නැහැ. ත්‍රිකුණාමලේ ජනතාවගේ ඉඩකඩම් හොර රහසේ අල්ලාගෙන සිටින සම්බන්ධන් මන්ත්‍රීවරයා අද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සඳහා හඬ නඟමින් සිටිනවා. දෙමළ ජාතික සංධානය අද විවිධ තොරතුරු ඉන්දියාව ඇතුළු විවිධ රටවලට යවමින් ඇවිළෙන ගින්නට පිදුරු දමමින් සිටිනවා. එය නිවා දමන්නට කටයුතු කරන්නේ අපේ පක්ෂයයි. ජනමාධ්‍යවේදීන් මේ කටයුතුවලට යොදා ගන්නවා. හෙට ඉතිහාසය ඔබෙන් ප්‍රශ්න කරයි කියා මා මාධ්‍යවේදීන්ට කියන්න කැමතියි.



HC/NDH