මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු ආධාර ලබා ගන්නේ උතුරේ සංවර්ධනයට

    නොවැම්බර් 14, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) ඉන්දියානු ආධාර ලබා ගන්නේ උතුරේ සංවර්ධනයට බවත් මේ රජයට, ජනාධිපතිතුමාට ඇති වගකීම වන්නේ මුළු රටේ ම සංවර්ධන කටයුතු සිදු කිරීම බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහවෙනි දින විවාදයට එක්වෙමිනි.

    අද පෙරවරු 10.00 සිට 12.30 දක්වා විදේශ කටයුතු අමාත්‍යංශයේ 112 වැය ශීර්ෂය විවාදයට ගැනේ.

    ඉන්දියාව තවත් ණය හා ආධාර දෙනවා නම් එය පිළිගන්නවා. චීනය සංවර්ධනය වෙන රටවලට ණය දෙනවා නම් එය අප ගත යුතුයි. ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය ගැන කතා කිරීමේදී කවුරු වෙනුවෙන් ද අප සටන් කරන්නේ. යුද්ධය අවසන් වූ දා සිට අප සටන් කරන්නේ අපේ රණ විරුවන් වෙනුවෙනුයි. මේක පෞද්ගලික සටනක් නෙවෙයි. ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මහතා, රණ විරුවන් එක් ව පරාජය කළ ත්‍රස්තවාදය නිසා මේ ප්‍රශ්නය ඇති වී තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

    දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවට සුවිශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ නාවික බලතල තියෙනවා. අද ඕනෑ ම රටකට ලංකාවට ඇවිත් සේවය ලබා ගෙන යා හැකියි. ඒ ආවහම ඒ අයට රට පාවා දෙනවා කිව නොහැකියි. ඒ රටවල් සමඟ සම්බන්ධතා පැවැත්වීම අවශ්‍යයි. චීනය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තියෙනවා. ඉන්දියාවේ අගමැති මෝදී හා ජනාධිපතිතුමා අතර යම් එකඟතාවක් තියෙනවා.

    අපේ විදේශ ප්‍රතිපත්තිය වෙන්නේ සියලු ම රටවල් සමඟ එක ලෙස ගනුදෙනු කිරීමයි. ඒ සම්බන්ධතාවලදී අපට මොනවාද ලැබෙන්නේ කියා අප බැලිය යුතුයි. අපේ විදේශ ප්‍රතිපත්තිය අනුව අපේ රට, රණ විරුවන් ආරක්ෂා කරන්න හැකි වී තියෙනවා. බලයේ සිටින්න තියෙන කෑදරකමට අපේ රට පාවා දිය හැකි වුවත් එවැනි දෙයක් ජනාධිපතිතුමාට නැති බවත් ඔහු සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya