අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාපය නිවාස ලක්ෂ 15ක් ඉදිකළා නම් අද නිවාස ප්‍රශ්නයක් තිබිය නොහැකියි

    නොවැම්බර් 13, 2014
    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) එජාපය නිවාස ලක්ෂ 15ක් ඉදිකළ බව කියන අතර එහෙම ඉදි කළා නම් අද නිවාස ප්‍රශ්නයක් තිබෙන්නට නොහැකි බවත් නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ නවවෙනි දින විවාදයට එක්වෙමිනි.

    අද පස්වරු 1.00 සිට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ 123, 309 සිට 311 දක්වා වැය ශීර්ෂයන් විවාදයට ගත් අතර එම විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්විණි.

    උතුරු පළාතේ නිවාස 80,000ක් මේ වන විට ඉදිකර තිබෙනවා. ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය හරහා උතුරට නිවාස 39,000ක්, නැගෙනහිරට 5,000ක්, වතුකරයට 6,000ක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා යැයි ඔහු කීය.

    ඊළඟ ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතායි. එතුමා වැඩි ම මනාපයෙන් තුන්වෙනි වරටත් ජනාධිපති වෙනවා. විපක්ෂයට තවම අපේක්ෂකයෙක්වත් සොයා ගන්න බැරිවෙලා තියෙනවා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya