අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෙවුණු වසර හතරේදී ශ්‍රී ලංකාවේ ස්ථිර නිවාස ප්‍රතිශතය 81%ක්

    නොවැම්බර් 13, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) ගෙවුණු අවුරුදු 04 තුළ ශ්‍රී  ලංකාවේ ස්ථිර නිවාස ප්‍රතිශතය 81%ක් බවත් දළ දේශීය නිෂ්පාදනයට ඉදිකිරීම් කර්මාන්තයේ දායකත්වය 2013දී 8.6%ක් වන අතර 2014 පළමු කාර්තුව තුළ එය 9.7%ක් ලෙස ඉදිරියට ගොස් ඇති බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ නවවෙනි දින විවාදයට එක්වෙමිනි.

     

    අද පස්වරු 1.00 සිට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ 123, 309 සිට 311 දක්වා වැය ශීර්ෂයන් විවාදයට ගනු ලබන අතර එම විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්වේ.

     

    මේ රජයට නිවාස පරිවර්තනයකට ආරම්භය තබන්න හැකි වුණා. ජාතික නිවාස ප්‍රතිපත්තියක් මේ රටේ තිබුණේ නැහැ. දැවැන්ත නිවාස සංවර්ධනයක් වෙනුවෙන් වැඩ කරන ගමන් ජාතික නිවාස ප්‍රතිපත්තියක් ගෙන එන්න අපට හැකි වුණ බවත් එමි මාර්ගෝපදේශකත්වය අනුව මේ රටේ නිවාස වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක වන බවත් අමාතයවරයා පෙන්වා දුන්නේය.

     

    පසුගිය අවුරුදු 3, 4 ඇතුළත තිබුණු නිවාස ප්‍රශ්නයට විසඳුම් දෙන්න හැකි වුණා. අමාත්‍ය මණ්ඩලයේ කරන ලද යෝජනාවක් අනුව අවුරු 10ක් 15ක් අනවරයෙන් පදිංචිව සිටි ඉඩම්වල නීත්‍යනුකූල අයිතිය එම නිවාස හිමියන්ට ම ලබා දෙන්න තීරණයක් ගත්තා. යුද්ධයෙන් පසුව නිවාස වැඩපිළිවෙළ යටතේ අවතැන්වූවන්ට, නාගරික ජනතාවට මහල් නිවාස ලබාදීම ඇතුළුව ලක්ස 01ක් පමණ නිවාස හදා දුන් අතර 2011න් පසු එය ලක්ෂ 04 දක්වා වැඩි කරන්න හැකි වුණ බව ඔහු පැවසීය.

     

    ජන සෙවණ නිවාස යෝජනා ක්‍රමය යටතේ විරු ගම්මාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් නිවාස දුන්නා. ගිය වසරට වඩා මේ වසරේ ලබා දුන් නිවාස ප්‍රමාණය වැඩියි. ලබන 18 වෙනිදා මුහුදු ඛාදනයෙන් අසරණ වූ පවුල් 400ක් සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිවාස ලබා දෙනවා. 2016 වන විට කොළඹ නිවාස හදා අවසන් කරනවා. පසුගියදා බොරැල්ලේ නිවාස 1250ක යෝජනා ක්‍රමයක් විවෘත කළා. ඔබ තමුන්නාන්සේලාගේ කාලයේ එවැනි දෙයක් වුණේ නැහැ. නිවාස අධිකාරිය විසින් කපා හැර ඇති නිවාස ණය කවදාවත් යළිත් අයකර ගෙන නැති බවත් ඔහු කීය.

     

    අපට තියෙන්නේ අප හදා ගත් ආණ්ඩුවක්. විපක්ෂය සමඟ අපට ගනුදෙනුවක් නැහැ. යු.එන්.පී ආණ්ඩුවෙන් වතු ටික වික්කා. මේ රට බෙදන්න කටයුතු කළ අය එක්ක අපේ ගනුදෙනුවක් නැහැ. අපි ආණ්ඩුව ඇතුළේ විප්ලව කළාට ඉන් වාසි ගන්න ඔබලාට අවස්ථාව දෙන්නේ නැහැ. තාම විපක්ෂයෙන් අපේක්ෂකයෙක් දැක්කේ නැති බවත් අපේක්ෂකයා තාම භූතයෙක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya