Print this page

කර්මාන්ත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්ෂ යුගයයි

නොවැම්බර් 12, 2014

(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) කර්මාන්ත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්ෂ යුගය බව උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අටවෙනි දින විවාදයට එක්වෙමිනි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ 149, 295, 297, 299 හා 303 වැය ශීර්ෂයන් ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ 187 වැය ශීර්ෂය ද සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ 116, 298, 300 හා 302 වැය ශීර්ෂයන් ද අද පස්වරු 1.00 සිට 6.30 දක්වා විවාදයට ගැනිණි.

විපක්ෂයට විවේචනය කරන්න තරම් දෙයක් මේ අය-වැයේ නැහැ. ඒ නිසා ඔවුන් අද පාර්ලිමේන්තුවේ නැහැ.  ඔවුන් මෙවර අය-වැය ලේඛනය සමඟ එකඟයි. 1970-77 කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුව ඇති වුණ යුගයයි. ඒ කාලේ කැලණි ටයර් කර්මාන්ත ශාලාව, පේෂ කර්මාන්ත, අත්යන්ත්‍ර හා බලවේග අංශ වැනි ක්ෂේත්‍ර දියුණු වුණා. නමුත් 77න් පසුව ජවිපෙ මේවා ගිනි තියමින් විනාශ කළා වගේ ම එජාපය ප්‍රතිපත්තිවලින් කර්මාන්ත විනාශ කළා යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

NDH/HC