Print this page

ජී.එස්.පී. සහනය අහිමි වුණත් අපගේ අපනයන අඩු වෙලා නෑ

නොවැම්බර් 12, 2014

(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) අපගේ අපනයන ආදායම රුපියල් බිලියන 20 දක්වා වැඩිකර ගැනීම අරමුණ බවත් ජී.එස්.පී. සහනය අහිමි වුණා කියලා අපගේ අපනයන අඩු වෙලා නැති බවත් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අටවෙනි දින විවාදයට එක්වෙමිනි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ 149, 295, 297, 299 හා 303 වැය ශීර්ෂයන් ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ 187 වැය ශීර්ෂය ද සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ 116, 298, 300 හා 302 වැය ශීර්ෂයන් ද අද පස්වරු 1.00 සිට 6.30 දක්වා විවාදයට ගැනිණි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව, ශ්‍රී ලංකාව හා පකිස්තානය, චීනය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් කිහිපයක් අත්සන් කර තිබෙනවා. ඒ වගේම වියට්නාම් ඇතුළු රටවවල් ගණනාවක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි. අපි පසුගිය කාලයේදී ඩොලර් මිලියන 1,815ක අපනයනයක් සිදු කර තිබෙනවා. අප අමාත්‍යාංශය යටතේ කර්මාන්ත පුර 27ක් තිබෙනවා. පසුගිය කාලයේදී උතුරු නැගෙනහිරත් කර්මාන්ත ඇති කර තිබෙනවා. කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය යටතේ කර්මාන්ත ආයතන ගණනාවක් තිබෙනවා. අගය එකතු කළ නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ලබන වසරේදී මඩකළපුව ආශ්‍රිත ව කර්මාන්ත පුරයක් ඇති කරනවා යැයි ද අමාත්‍යවරයා කීවේය.

NDH/HC