Print this page

අපනයන ආදායම ඩොලර් බිලියන 20 දක්වා වැඩිකර ගැනීම රජයේ අරමුණයි

නොවැම්බර් 12, 2014

(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) වසර 2020 වන විට අපේ අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 20 දක්වා වැඩිකර ගැනීම රජයේ අරමුණ බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අටවෙනි දින විවාදයට එක්වෙමිනි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ 149, 295, 297, 299 හා 303 වැය ශීර්ෂයන් ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ 187 වැය ශීර්ෂය ද සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ 116, 298, 300 හා 302 වැය ශීර්ෂයන් ද අද පස්වරු 1.00 සිට 6.30 දක්වා විවාදයට ගැනිණි.

අපනයන සංවර්ධන මණ්ඩලය ජාත්‍යන්තර තලයට ගන්න ලොකු උත්සාහයක් දරමින් සිටිනවා. අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 11.1 දක්වා වර්ධනය වුණේ වසර 2005න් පසුවයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කර්මාන්තශාලා 300ක් පිහිටුවීමටත් යෝජනා කර තිබෙනවා යැයි ඔහු පෙන්වා දුන්නේය.

NDH/HC