Print this page

එජාප කාලයේ ගෘහ සේවිකාවන් පිටරට යැවීම ආරම්භ කළා

නොවැම්බර් 12, 2014

(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) දිවි නැඟුම  වැඩසටහන ආරම්භ කළමේ විදේශගත වන ප්‍රමාණය අවම කිරීමට බවත් එජාප කාලයේ ගෘහ සේවිකාවන් පිටරට යැවීම ආරම්භ කරන ලද බවත් වරාය, මහා මාර්ග හා නාවික කටයුතු පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අටවෙනි දින විවාදයට එක්වෙමිනි.

වි‍දේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ 182 වැය ශීර්ෂය අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

2016 අය-වැය විවාදය එද්දී විපක්ෂයේ එක නමක් අයින් වෙන බව මට විශ්වාසයි. විදේශ රැකියාවල යෙදෙන අපේ සහෝදර සහෝදරියන්ව තුට්ටු දෙකට දාලා කතා කරන්න පුළුවන්ද මේ විදිහට. සදාචාරත්මක රටක් ගොඩනගන්නට නම් මේ භාෂාව භාවිත කළ හැකිද? අපි ඇහුවොත් තමන්ගේ භාර්යාව වික්කේ ජේ.ආර්. ජනාධිපතිතුමාද කියලා එය හරිද? මේ වගේ තුට්ටු දෙකේ කතා කියන මන්ත්‍රීවරුන්ව පාර්ලිමේන්තු එවන්න එපා කියා මා ඉල්ලා සිටිනවා යැයි ඔහු කීය.

සිදුවන අසාධාරණකම්වලට ඇමැතිවරයා පිළියම් යොදා තිබෙනවා. විදේශගත වූ පවුල්වල බඩගින්න නිවන්නේ මේ කෑගහන දෙස් තියන මන්ත්‍රීවරයාද? මමත් විදේශ රැකියා ඇමැතිධූරය වසර තුනක් දැරුවා. ඒ තනතුර මම දැරුවාට වඩා ශක්තිමත් ලෙස ඩිලාන් ඇමතිතුමා දරන බව මා වගකීමෙන් කියනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

NDH/HC