Print this page

2015 අය-වැය කාරක සභා අවස්ථා‍වේ විවාද‍යේ ‍අටවැනි දිනය අද‍ Featured

නොවැම්බර් 12, 2014

විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 8 වැනි දිනය වන අද (12) අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත් ‍වේ.


විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සහ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය යන අමාත්‍යංශ හතරෙහි වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය අද පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ති‍බේ.


විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 492,950,000ක් ද මූලධන වියදම් සඳහා

රු. 533,050,000ක් ද අනුමත කරගැනීමට ද

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 1,025,000,000ක් ද මූලධන වියදම් සඳහා රු.

3,200,000,000ක් ද අනුමත කරගැනීමට ද,

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 120,000,000ක් ද මූලධන වියදම් සඳහා රු.

10,000,000ක් ද අනුමත කරගැනීමට ද

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 950,000,000ක් ද මූලධන වියදම් සඳහා රු.

938,000,000ක් ද අනුමත කරගැනීමට ද ආණ්ඩු පක්ෂය අ‍පේක්ෂා කරයි.


‍පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශයේ අමාත්‍යාංශයේ 182 වැය ශීර්ෂය විවාදයට ගත් අතර පස්වරු 1.00 සිට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ 149, 295, 297, 299 හා 303 වැය ශීර්ෂයන් ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ 187 වැය ශීර්ෂය ද සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ 116, 298, 300 හා 302 වැය ශීර්ෂයන් ද විවාදයට ගැනේ. එම විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්වේ.


HC/NDH