Print this page

දකුණු ඉන්දියාවේ ධීවරයන්ගේ බලපෑම්වලට අපේ ධීවරයින් ලක්වෙනවා

නොවැම්බර් 11, 2014

දකුණු ඉන්දියාවේ ධීවරයන්ගේ බලපෑම්වලට අපේ ධීවරයින් ලක්වෙන බවත් ඒ ගැන අවධානය යොමුකර ධීවර කර්මාන්තය ආරක්ෂා කරන්නට නම් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු බවත් නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හත් වෙනි දින විවාදයට එක්වෙමිනි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ 139, 290 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට පසුගිය පස් වසර පුරා කටයුතු කළා. මේ අයගේ මාළු ඉන්දීය ධීවරයන් අත් කර ගන්නවා. මෙය විශාල ගැටලුවක්. දෙමළ ජාතික සන්ධානය හා දෙමළ මන්ත්‍රීවරුන් මේ ප්‍රශ්නය විසඳීමට එක් විය යුතු බවත් ධීවර ගැටලු විසඳීමේ දී රජය ඉක්මන් විය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

NDH/HC