අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර කර්මාන්තයේ විශාල වෙනසක් ඇති වී තිබෙනවා

    නොවැම්බර් 11, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවැරදි දැක්ම නිසා ධීවර කර්මාන්තයේ විශාල වෙනසක් ඇති වී තිබෙන බව පොල් සංවර්ධන හා ජනතා වතු කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනී මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හත් වෙනි දින විවාදයට එක්වෙමිනි.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ 139, 290 වැය ශීර්ෂයන් අද පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා  විවාදයට ගැනිණි.

    බහුදින යාත්‍රා, විසිරි ණය යෝජනා ක්‍රමය, ධීවර ණය යෝජනා ක්‍රමය, ධීවර දරුවන්ගේ විධිමත් ව්‍යාපෘති රැසක් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහතා, ධීවර ඇමතිවරයා  ලෙස කටයුතු කළ කාලයේ ඉටු වුණා. රාජිත සේනාරත්න මහතාත් ධීවර ඇමතිවරයා ලෙස විශාල කාර්යභාරයක් ඉටු කරනවා. මත්ස්‍ය සම්පත වැඩි වුනොත් විතරයි ධීවරයින්ගේ අතට සල්ලි එන්නේ. මත්ස්‍ය ආදායම වසරින් වසර වැඩි‍වෙනවා. තහනම් දැල් ආම්පන්න ක්‍රම නතර කළේ මේ ඇමතිවරයා බවත් අපගේ ධීවරයින්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya