අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම සාම්ප්‍රදායික කර්මාන්ත ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කර තිබෙනවා

    නොවැම්බර් 11, 2014

    තල්, පොල්, කිතුල්, කෙසෙල්, සේසත්, ලාක්ෂා, මැටි, කොහු ආදී වශයෙන් වූ මේ සෑම ක්ෂේත්‍රයක් කෙරෙහි ම මේ අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙන බව සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හය වෙනි දින විවාදයට එක්වෙමිනි.

    අද පස්වරු 1.00 සිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ 118 හා 285 වැය ශීර්ෂයන් ද පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ 140, 192 වැය ශීර්ෂයන් ද සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ 128 යන වැය ශීර්ෂය ද පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ 160 හා 283 වැය ශීර්ෂයන් ද විවාදයට ගැනිණි.

    ගම් මට්ටමෙන් හඳුනාගත් විවිධ කර්මාන්ත කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.  අපේ ජනතාවට අවශ්‍ය දැනුම, කාර්මික ඥානය, ශිල්පීය ඥානය මේ හැම දෙයක් එක්කම කර්මාන්ත සඳහා ජනතාවට පෙළඹවීම අපි සිදු කර තිබෙනවා. ග්‍රාමිය මට්ටමෙන් ජනතාවගේ ජීවිත ගොඩනැගීමට මැදිහත් වුණා. ඉන්දියාව, නේපාලය, වියට්නාමය වැනි රටවල් සම්බන්ධ කර ගෙන අපේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය දැනුම ලබා දෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya