අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගවයින්ට අවශ්‍ය තෘණ වගා කිරීමත් අවධානය යොමු කර තිබෙනවා

    නොවැම්බර් 11, 2014

    2015 දී අවශ්‍ය කිරි ඉල්ලුම මෙන් ම ගවයින්ට අවශ්‍ය තෘණ වර්ග වගා කිරීම කෙරෙහි අපි අවධානය යොමු කර තිබෙන බව පශු සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හය වෙනි දින විවාදයට එක්වෙමිනි.

    අද පස්වරු 1.00 සිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ 118 හා 285 වැය ශීර්ෂයන් ද පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ 140, 192 වැය ශීර්ෂයන් ද සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ 128 යන වැය ශීර්ෂය ද පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ 160 හා 283 වැය ශීර්ෂයන් ද විවාදයට ගැනිණි.

    කිරි ලීටරයක මිල රුපියල් 40ක් 50ක් අතර වෙනවා. කිරි ලීටරයක් මිලදී ගැනීමේ ඉස්සර මිල වුණේ රුපියල් 15ක් 20ක්. අපි එය වැඩි කළා. දියර කිරි පැකට් කර අලෙවි කිරීම ප්‍රචලිත කර තිබෙනවා. මිල්කෝ ආයතනය ලාභ ලබන තත්ත්වයට පසුගිය වකවානුවේදීත් පත් වුණ බව ඔහු පැවසීය.

    දියර කිරි නිෂ්පාදනය සඳහා අලුත් ආයතන 03ක් ස්ථාපිත කළා. තාක්ෂණයෙන් උසස් යන්ත්‍ර සූත්‍ර ඒවාට ලබා දී තිබෙනවා. කිරි ගොවියාගේ අභිවෘද්ධිය සඳහා රුපියල් මිලියන 600ක භාරයක් අපි ඇති කර තිබෙනවා. තත්ත්වයෙන් උසස් ආනයනය කළ කිරි ගවයින් අපි ගොවීන්ට ලබා දී තිබෙනවා. අපගේ වෙළෙඳපොළ තුළ තිබෙන කුකුල් මස් අවශ්‍යතාව සපුරා ලීමට තවමත් නොහැකි වී තිබෙනවා යැයි ද ඔහු සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya