අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැණික් කර්මාන්තය ආරක්ෂා කර ගෙන දියුණු කළ යුතුයි

    නොවැම්බර් 10, 2014

    විශාල ආදායමක් ලබන මැණික් කර්මාන්තය ආරක්ෂා කර ගෙන දියුණු කළ යුතු බවත් මේ හරහා ලක්ෂ ගණනක් ජීවත් වෙන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හය වෙනි දින විවාදයට එක්වෙමිනි.

     

    අද පස්වරු 1.00 සිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ 118 හා 285 වැය ශීර්ෂයන් ද පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ 140, 192 වැය ශීර්ෂයන් ද සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ 128 යන වැය ශීර්ෂය ද පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ 160 හා 283 වැය ශීර්ෂයන් ද විවාදයට ගැනිණි.

     

    මැණික් කර්මාන්තය විවිධ විකාශනවලට භාජනය වී දියුණු වී තිබෙනවා. අපේ රටට විශාල අදායමක් මේ කර්මාන්තයෙන් ලැබෙනවා. කර්මාන්තයේ දියුණුවට රජයට විශාල සේවයක් සිදු කර තිබෙනවා. මැණික් බලපත්‍ර නිකුත් කිරීමට පෙර පුළුල් පරීක්ෂණයක් කළ යුතුයි. නිකුත් කළ බලපත්‍රය එකවරම අත්හිටුවීම නතර කරන්න ඕනෑ. බලපත්‍රය අත්හිටුවීම මඟින් පතල් හිමියා දැඩි අර්බුදයකට ලක් වෙනවා. ලංකාවේ නිල් මැණික්වලට ලොකු ඉල්ලුමක් තිබෙනවා. බ්‍රිතාන්‍ය සමාගමක් ලංකාවේ හවුල් සමාගමක් පිහිටුවා මැණික් ගරන්න හදනවා. මෙවැනි ව්‍යාපාරවලින් දේශීය කර්මාන්තයේ යෙදී සිටින අයට විශාල අගතියක් වෙනවා. මේ නිසා විශාල ආදායමක් රටට අහිමි වෙන බවත් විදේශ සමාගම්වලට මැණික් ගැරීම තහනම් කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya