අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්.ටී.ටී.ඊ.යෙන් ජනතාව බේරාගෙන සංවර්ධන මාවතකට රට ගෙන යන්න හදන අවස්ථාවක්

    නොවැම්බර් 10, 2014

    2015 අය-වැය රටේ සංවර්ධනය අරමුණු කොට ගෙන ඉදිරිපත් කරන ලද්දක් බවත් එල්.ටී.ටී.ඊ.යෙන් මේ රටේ ජනතාව බේරාගෙන සංවර්ධන මාවතකට රට ගෙන යන්න හදන අවස්ථාවක් බවත් පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් මහතා පවසයි.


    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හය වෙනි දින විවාදයට එක්වෙමිනි.

    අද පස්වරු 1.00 සිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ 118 හා 285 වැය ශීර්ෂයන් ද පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ 140, 192 වැය ශීර්ෂයන් ද සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ 128 යන වැය ශීර්ෂය ද පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ 160 හා 283 වැය ශීර්ෂයන් ද විවාදයට ගැනේ.

    මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ පරිසරය රැකගනිමින් අපගේ ස්වභාවික සම්පත් ඉතා ප්‍රශස්ත අයුරින් රටේ සංවර්ධනයට දායක කර ගෙන කටයුතු කරන්න පියවර ගෙන තිබේ. සංවර්ධන කටයුතු කරන්නේ තිරසාර අන්දමින් පරිසර හානි අවම කර ගනිමින්ය. ජෛව විවිධත්වය රැකගැනීමට කටයුතු කර ඇත. සූර්යතාප බලශක්තිය නිපදවීම, වාතයේ හා  ජලයේ ශාරීරික හිතකර බව රැකගැනීමට සංවර්ධනයේදී කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කාලගුණ විපර්යාස අපට වෙනස් කළ නොහැකියි. ඒවා නිසා අදටත් අප දඬුවම් ලබනවා. රුපියල් මිලියන 4000ක් යොදා ගෙන 2015 වන වගාව රැකගන්න සංරක්ෂණ වැඩපිළිවෙළවල් දියත් කර තිබේ. පරිසර හිතකාමී වැඩපිළිවෙළ් සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇත. ඒ යටතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට වැඩි අවධානයක් යොමු කර තිබේ. පළාත් මට්ටමින් ඝන අපද්‍රව්‍ය පිළිසර ව්‍යාපෘතිය යටතේ කළමනාකරණය කරමින් පොහොර බවට ප්‍රතිචක්‍රීකරණය කිරීමට අවශ්‍ය තාක්ෂණය හා පුහුණුව ලබා දී තිබේ. මේ අයවැය මඟින් ලබන වසරේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහනක් දියත් කර තබේ. මේ සඳහා රුපියල් මිලියන 790ක් වෙන් කර ඇත. ගෝලීය උණුසුම වැඩිවීම හා කාලගුණ විපර්යාස අපට පමණක් නොව දියුණු රටවලට ද බලපායි. ගංවතුර, නියඟ තත්ත්වයන් බලපෑම් අවම කරන්න අපේ අමාත්‍යාංශය කටයුතු කරමින් පවතින බවත් පාසල් දරුවන් සඳහා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya