අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අය-වැයෙන් කාන්තා සංවර්ධනයට යෝජනා රැසක්

    නොවැම්බර් 10, 2014

    දෙවන යාවත්කාලීන කිරීම: ජනාධිපතිතුමා මෙවර අය-වැයෙන් කාන්තා සංවර්ධනය සඳහා විවිධ යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යා තිස්ස කරලියද්ද මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හය වෙනි දින විවාදයට එක්වෙමිනි.

    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ 120, 217 වැනි වැය ශීර්ෂයත් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ 143 වැනි වැය ශීර්ෂයත් අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

    2014 වසරේ කාන්තා සංවර්ධනය සඳහා රුපියල් 250,000ක මුදලක් පොලී රහිතව වසර 06ක ගෙවීමේ පදනම මත ලබා දෙන අතර මේ සම්පූර්ණ මුදල ම කාන්තාවන් ණය වශයෙන් ගත යුතු නැහැ. කාන්තාවන්ගේ අවශ්‍යතාව පරිදි රුපියල් 50,000ක් වුව ද මෙහිදී ණයක් ලෙස ගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    උතුරේ කාන්තාවන්ට සිදු වූ දේවලට හේතුව දීර්ඝ කාලයක් පැවති යුද්ධයයි. එල්.එල්.ආර්.සී. කොමිසමේ සඳහන් පරිදි ළමා සොල්දාදුවන් ඇති කළේ එල්.ටී.ටී.ඊ.යයි. ඒ අය පුනරුත්ථාපනය කර අධ්‍යාපනය ලබාදී දෙමාපියන් වෙත භාර දී ඇත. ළමා අධ්‍යාපනය වෙනුවෙන් වැඩසටහන් රැසක් දියත් කර තිබෙන බව ද උතුරේ මන්ත්‍රීවරුන්ට ඔහු පෙන්වා දුන්නේය.

    දේශපාලනය සඳහා කාන්තාවන්ගේ ඉදිරිපත්වීම පහළ මට්ටමක පවතී. ඒ සඳහා ක්‍රමවේදයක් සකසා ගත යුතුයි. මෙය ප්‍රායෝගික ව බැලිය යුතු කරුණකි. මේ සඳහා අප අමාත්‍යාංශය හා සමාජ සේවා අමාත්‍යාංශය එක් ව වැඩපිළිවෙළක් දියත් කර තිබේ. වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ මව්වරුන්ට රට රැකියා සඳහා යාමට විරුද්ධව අධිකරණයෙන් ද නියෝග ලබා දී තිබුණත් උප්පැන්න සහතික වෙනස් කර රට රැකියා සඳහා යන බවත් ඒ සඳහා තැරැව්කරුවන් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය. උතුරේ දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් සේවය කරන්න උපාධිධාරීන් පත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya