අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැය කාරක සභා අවස්ථා‍වේ විවාද‍යේ ‍හයවැනි දිනය අද‍ Featured

    නොවැම්බර් 10, 2014

    විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 6 වැනි දිනය වන අද (10) අමාත්‍යාංශ හයක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත් ‍වේ.


    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහ පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය යන අමාත්‍යංශ හයෙහි වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය අද පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ති‍බේ.


    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 1,470,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 610,000,000ක් ද අනුමත කරගැනීමට ද,


    පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 420,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 38,000,000ක් ද අනුමත කරගැනීමට ද


    කෘෂිකර්ම අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 38,850,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 3,269,000,000ක් ද අනුමත කරගැනීමට ද


    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 700,270,000ක් ද මූලධන වියදම් සඳහා රු. 6,395,310,000ක් ද අනුමත කරගැනීමට ද


    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 706,250,000ක් ද මූලධන වියදම් සඳහා රු. 514,000,000ක් ද අනුමත කරගැනීමට ද


    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 1,790,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 3,500,000,000ක් ද අනුමත කරගැනීමට ද ආණ්ඩු පක්ෂය අ‍පේක්ෂා කරයි.


    ‍පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ 120, 217 වැය ශීර්ෂයන් ද පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ 143 වැය ශීර්ෂය ද විවාදයට ගනු ලබන අතර පස්වරු 1.00 සිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ 118 හා 285 වැය ශීර්ෂයන් ද පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ 140, 192 වැය ශීර්ෂයන් ද සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ 128 යන වැය ශීර්ෂය ද පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ 160 හා 283 වැය ශීර්ෂයන් ද විවාදයට ගැනේ. එම විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්වේ.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya