අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහසින් පසු අධ්‍යාපන අමාත්‍යංශයට ඉහළ ම ප්‍රාග්ධනය වෙන්කළ පළවැනි අය-වැය මෙයයි

    නොවැම්බර් 09, 2014

    නිදහසින් පසුව අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කරලා තියෙන ඉහළම ප්‍රාග්ධන ප්‍රමාණය වෙන්කරපු පළවැනි අය-වැය ලේඛනය මෙය බවත් අනාගතයේ නිපුණතා, දක්ෂතා ඇති දරු පරම්පරාවක් ගොඩනැඟීමට ජනාධිපතිතුමා මේ අය-වැය ඉදිරිපත් කර ඇති බවත් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (087) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ පස්වැනි දින විවාදයට එක්වෙමිනි.


    අධ්‍යාපන අමාත්‍යාංශයේ 126, 212, 213 සහ අධ්‍යාපන සේවා අමාත්‍යංශයේ 189 වැය ශීර්ෂයන් ඊයේ පස්වරුවේ විවාදයට ගැනිණි.


    අකිල විරාජ් කාරියවසම් මහතා සාම්ප්‍රදායික ලෙස අධ්‍යාපන අමාත්‍යංශ විවාදය ආරම්භ කරමින් අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය ගැන කතා කළා. මම සභාගත කරන්න කැමතියි; 1990 දෙසැම්බර් 26 දින අපේ රටේ විද්වතෙක් වන හිටපු අධ්‍යාපන ඇමති ලලිත් ඇතුලත්මුදලි මහතා මේ ගරු සභාවට ඉතා පැහැදිලි ව කියලා තියෙනවා අධ්‍යාපනයට වෙන්කරන මුදල ගැන විවාද කිරීමෙන් කිසි ම ප්‍රයෝජනයක් නැහැ. ඊට වඩා ප්‍රයෝජනවත් වන්නේ ගුණාත්මක අධ්‍යාපනයක්; අතිමහත් බහුතරයට අයිතියක් හා වරප්‍රසාදයක් බවට පත්වන අධ්‍යාපනයක්; දුප්පතුන්ගේ නිත්‍ය උරුමයක් බට පත්වන අධ්‍යාපනයක්; ඔවුන්ට ජීවනෝපායක්, දක්ෂතාවක් කුසලතාවයක් නිර්මාණය වන අධ්‍යාපනයක් ඇති කිරීමයි වඩා වැදගත් වෙන්නේ කියා.


    මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයට ස්තූතිවන්ත වන්න ඕන ලංකා ඉතිහාසයේ නිදහසින් පසුව අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කරලා තියෙන ඉහළම ප්‍රාග්ධන ප්‍රමාණය වෙන්කරපු පළවැනි අය-වැය ලේඛනය මෙයයි. අනාගතයේ නිපුණතා, දක්ෂතා ඇති දරු පරම්පරාවක් ගොඩනඟන්න තමයි මුදල් අමාත්‍යතුමා ලෙස ජනාධිපතිතුමා මේ අය-වැය ලේඛනය ඉදිරිපත් කරලා තියෙන්නේ. නිදහස් අධ්‍යාපනය අතිමහත් බහුතර ජනතාගේ උරුමයක් බවට පත්කරපු අය-වැයක් මේ.


    1977 දී විවෘත ආර්ථික ක්‍රමයත් එක්ක ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දුන්නා. පළමුවැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා එනවිට දරුවන්ට ගුරුවරුන්ට ජනතාවට නොදැනෙන ආකාරයට දරුවා අතරමගදී අතරමං කරලා පාසලින් එළියට තල්ලුකිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මර උගුල් කිහිපයක් අටවා තිබුණා.

    ජනප්‍රිය පාසල් සංකල්පයක් ගෙනැල්ලා ලංකාවේ පාසල් දෙදහසක් පමණ තිබෙන විට ජනප්‍රිය යැයි සම්මත පාසල් 56 ගැන පමණයි කතා කළේ. සම්පත්, ගුරුවරු ලබාදුන්නේ ඒවාට. දරුවො දාගන්න උත්සාහ කළේ ඒ පාසල්වලට. ඒ නිසා නගරයේ පාසල්වල දරුවන් ප්‍රමාණය 6000 - 8000 දක්වා ඉහළ යමින් විශාල අර්බුදයක් බවට පත් වුණා. ගම්බද කුඩා පාසල් තොග වශයෙන් වැහෙන්න පටන් ගත්තා. ඒ නිසා පසුගිය කාලයේ තිබුණ උද්ඝෝෂණයක් තමයි පාසල් වසා දැමීම නවත්වව්! කියලා. වරප්‍රසාද නැති දෙමව්පියන්ගේ දරුවන් වෙනුවෙන් වත් මේ ගරු සභාවේ වත් නිර්ව්‍යාජ හඬක් නැඟුණේ නැහැ. ඒ නිසා ඔවුන්ට බොහෝ අවස්ථා අහිමිවුණා.


    විභාග ක්‍රමය පීඩාකාරී ක්‍රමයක් බවට පත්කරලා තිබුණා. ළමා කාලය මුළුමනින්ම උදුරගෙන දරුවන්ට වදයක් වන ආකාරයට පොදු විභාග පැවැත්වීම පුරුද්දක් ලෙස කරගෙන එනු ලැබුවා.


    භාෂාගාර තියෙන්නේ 4%ක් කියලා කිව්වා. මේ වනතෙක් ලංකාවේ එක ම භාෂාගාරයක් වත්, එක ම ගණිතාගාරයක් වත් එක ම අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් වත් තිබුණේ නැහැ. විභාගය ජීවිතය යැයි කියා අපි උග්නවපු නිසා දරුවෝ ක්‍රීඩාව අත්හැරියා. සංගීතය,  චිත්‍ර, නාට්‍ය, රංග කලාව කෘෂිකර්මය දරුවෝ අත්හැරියා. කෙඩෙටින්, ස්කවුටින්, නායකත්ව පුහුණු අත්හැරියා. විභාග කේන්ද්‍රීය අද්‍යාපනයේ හරකුරුවන් බවට පත් කිරීමෙන් දරුවන්ගේ විවිධ කුසලතා දක්ෂතා පෞරුෂය නැති කරගත් අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ තිබුණ බව ද අමාත්‍යවරයා පැවසීය.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya