අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඛනිජතෙල් ආනයනයේදී විනිවිදභාවයෙන් යුතු ව කටයුතු කරනවා

    නොවැම්බර් 07, 2014

    ඛනිජතෙල් ආනයනය හා බෙදා හැරීම වෙනුවෙන් රජය වසරකට විශාල මුදලක් වැය කරන බවත් තෙල් ආනයනය පහසු නොවන අතර ඛනිජතෙල් ආනයනයේදී විනිවිදභාවයෙන් යුතු ව කටයුතු කරන බවත් ඛනිජතෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ සිව්වැනි දින විවාදයට එක්වෙමිනි.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ 119 වැනි වැය ශීර්ෂයත් සහ ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ 115 වැනි වැය ශීර්ෂයත් අද පස්වරුවේ විවාදයට ගැනිණි.

    ඒ වගේ ම ටෙන්ඩර් ක්‍රියාවලියත් විධිමත් ව සිදු කරනවා. චීනය, ඇමරිකාව, ජපානය වැනි රටවල්වලට විශාල වශයෙන් ඛනිජතෙල් ආනයනය කරනවා. නමුත් අපේ රට කුඩා රටක් නිසා ඒ රටවලට සාපේක්ෂව අපි ආනයනය කරන්නේ කුඩා ප්‍රමාණයක්. 2013 වසරේ මැද භාගය වනවිට අපි පාඩු ලැබුවා. නමුත් අපි අපගේ පාඩුව අවම කර ගනිමින් සිටිනවා. ඇතැම් අවස්ථාවලදී ආගමික ස්ථානවලට සහන දෙනවා. ඒවා කරන්න එපා කියලා ද කියන්නේ. අපගේ ලේකම්තුමා, කළමනාකාර අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරීන් ඉටුකරන සේවය අතිවිශාල බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya