මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යංශ හතරක වැය ශීර්ෂයන් සම්මත වේ Featured

    නොවැම්බර් 07, 2014

    අද (07) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත (අය-වැය) 2015 යටතේ විවාදයට ගත් මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශය, සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය යන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් සම්මත විය.


    අද පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශවල වැය ශීර්ෂය විවාදයට ගත් අතර විවාදයෙන් අනතුරු ව අද පස්වරු 1.00 සිට පස්වරු 6.30 දක්වා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.


    අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය අවසන් වීමෙන් පසු ව නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා  මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයට අයත් 117, සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශට අයත් 176, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අයත් වැය ශීර්ෂ අංක 119 සහ ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශට අයත් වැය ශීර්ෂ අංක 115ට සභාවේ එකඟත්වය විමසීමෙන් පසු ව එයට අනුමැතිය පළවිය.


    අනතුරු ව යළි පාර්ලිමේන්තුව රැස්විණි. එහිදී ඉහත අමාත්‍යංශ හතරට අයත් වැය ශීර්ෂයන් කාරක සභා අවස්ථාවේ සලකා බලා සංශෝධන රහිත ව සම්මත වූ බව නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සභාවට දැනුම් දෙන ලදී.
     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya