අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට වරාය කාටවත් ලියා දී නෑ

    නොවැම්බර් 07, 2014

    හම්බන්තොට වරාය කාටවත් ලියා දී නැති බවත් එහි පළමු අදියරේ වැඩ අවසන් නිසා ආදායම් ලබන්න ලොව ප්‍රධාන නැව් සමාගම් සමඟ ගිවිසුම් ගැසිය යුතු බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ සිව්වැනි දින විවාදයට එක්වෙමිනි.

    මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ 117 වැය ශීර්ෂයත් සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ 176 වැය ශීර්ෂයත් අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

    අය-වැය ගැන විවාදයේදී විපක්ෂය අසත්‍ය ප්‍රකාශ කරනවා හැර ඒ ගැන කතා කළේ නැහැ. යථාර්ථය අවබෝධ කර ගෙන ඔවුන් ඇත්ත කතා කළ යුතුයි. මාධ්‍ය මඟින් විපක්ෂය කියන අසත්‍ය ප්‍රචාරය කර නැති බවත් ඔහු අවධාරණය කළේය.

    එදා ජේ.ආර්. ජනාධිපතිතුමා ගුවන් සේවය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන්න යන විට ලංකා බැංකුවෙන් ණයක් දුන්නා. එය එන්න එන්න වැඩිවීම නිසා ආදායම් වියදම් පරතරය වැඩි වෙලා තියෙන්නේ. ඉන්ධන වියදම ගිය අවුරුදු 10 තුළ විශාල ලෙස ඉහළ ගියා. එය අඩු කළ හැකි කාලපරිච්ඡේදයක් දැන් තියෙනවා. මිහින් ලංකා හා ශ්‍රී ලංකා ගුවන් සේවය දියුණු කළ හැකි ප්‍රාග්ධනයක් මේ සඳහා ලබා දිය යුතු බව ද ඔහු කීය.

    අඩු වියදම් ගුවන් සමාගම් මේ ලංකාවට එන්නේ මෙරට වෙළෙඳපොළක් ඇති නිසයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය මේ වසරේ 34%කින් අඩු වී ඇති බවත්  මිහින් ලංකා ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත්වෙමින් ඇති බවත් ඔහු අවධාරණය කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya