අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අය-වැයෙන් විපක්ෂයේ දේශපාලන ගමන් මාර්ගය වෙනස් වුණා

    නොවැම්බර් 07, 2014

    මෙවර අය-වැය ඉදිරිපත් කිරීමත් සමඟ විපක්ෂයේ දේශපාලන ගමන් මාර්ගය වෙනස් වූ බවත් විපක්ෂ නායකතුමා අසරණ කර වූ අය-වැයක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් මහා මාර්ග අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ සිව්වෙනි දින විවාදයට එක්වෙමිනි.

    මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ 117 වැය ශීර්ෂයත් සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ 176 වැය ශීර්ෂයත් අද පෙරවරුවේ විවාදයට ගැනිණි. 

    ආණ්ඩුවට මෙන් ම ජනතාවට සතුටු විය හැකි දේ අය-වැයේ ඇත. අද ජනතාවගේ කල දවස හොඳ වීමට රටේ මාර්ග පද්ධතියත් හේතු වේ. මෙවර අයවැයෙන් මේ අමාත්‍යාංශයට රුපියල් මිලියන 200ක් වෙන් කර ඇත. ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙළ ගැන විශ්වාසයක් ඇති නිසයි මෙවැනි මුදලක් වෙන් කර ඇත්තේ. මහින්ද චින්තනයේ සඳහන් පරිදි ප්‍රතිලාභ සියල්ල මහා මාර්ග අමාත්‍යාංශයෙන් ජනතාවට ලබා දී අවසන්. උතුරු අධිවේගය, රුවන්පුර අධිවේගය ආරම්භ කිරීමේ කටයුතු සිදු කරමින් පවතී. උතුරු අධිවේගය ඉදිකිරීමේ කටයුතු දේශීය ඉංජිනේරුවන්ගේ සැලසුම් මත ක්‍රියාත්මක වේ. ප්‍රමුඛතා මාර්ග වේවා, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන මත ඉදිකරන මාර්ග වේවා, කුමක් වුවත් මිල ගණන් කැඳවා සැලසුම් සහගත ව ඉදිකරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ කිලෝ මීටර් 600ක් ආසියානු සංවර්ධන බැංකුවේ හා දැයට කිරුළ යටතේ ඉදිකර ඇත. සමස්තයක් වශයෙන් රටේ වැඩි ම දුර ප්‍රමාණයක් මාර්ග ඉදිකර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    උතුරු අධිවේගය සඳහා දැනට වෙන් කර ඇති මුදල 2015 වැඩ කොටස සඳහා පමණි. රටේ මාර්ග ක්ෂේත්‍රය ගැන වැඩපිළිවෙළක් ඇත. අද මන්මුනේ පාලම ඉදිකිරීම නිසා ඒ ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට හැකි වී තිබේ. ප්‍රමිතියෙන් යුතු මාර්ග පද්ධතියක් ඉදිකිරීම සිදුකරන අතර මහජන මුදල් ඒ සඳහා යොදා ගන්නේ නැහැ. අධිවේගයේ ගමන් කිරීමේදී නීතිවලට පටහැනිව ගමන් කරනවා නම් ඒවා පරීක්ෂා කරන්න අදාළ පොලිසිවලට බලතල ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya