අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව නාවික, ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සැලසුම් සහිත ව සිදුවෙමින් තිබෙනවා

    නොවැම්බර් 07, 2014

    මහින්ද චින්තනයේ ඉදිරි දැක්මේ සඳහන් කර ඇති පරිදි ශ්‍රී ලංකාව නාවික, ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා යැයි කියන ප්‍රකාශය සැලසුම් සහගත ව ක්‍රියාත්මක වෙමින් පවතින බව සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ සිව්වැනි දින විවාදයට එක්වෙමිනි.

    මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ 117 වැය ශීර්ෂයත් සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ 176 වැය ශීර්ෂයත් අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

    ජනාධිපතිතුමා 2015 අයවැයෙන් ගුවන්තොටුපොළවල්, වරායවල් සංවර්ධනය
    කරන්න මුදල් වෙන් කර ඇත. ආසියාවේ ගුවන් මධ්‍යස්ථානය බවට පත් කිරීම සඳහා මේ ක්‍රියාමාර්ග ගෙන ඇත. අධිවේගී මාර්ග කෙරෙහි අවධානය යොමු කරමින් උතුර, දකුණ, බටහිර, නැගෙනහිර යා කරමින් අධිවේගී මාර්ග ඉදිකර ඇත. කටුනායක හා මත්තල ගුවන් තොටුපොළවල් ඉහළ තත්ත්වයට ගෙන එන්න එහි කාර්යමණ්ඩල විශාල සේවයක් කරනු ඇත. ගුවන් ගමන් 5,000ක් පමණ හසුරුවනවා. මිලියනයකට වැඩි සංචාරකයන් මෙහි පැමිණෙනවා. මිලියන දෙකකට ආසන්න පිරිසක් එහෙ මෙහෙ යති. ඉදිරි අවුරුදු සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීම ගැන ජනාධිපතිතුමාට ස්තූති විය යුතුයි. රත්මලාන, ත්‍රීකුණාමලය හා මඩකළපුව වෙත සේවා සැපයිය හැකි ලෙස ගුවන්සේවය දියුණු කළ යුතුයි. ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථාන ගුවන්තොටුපොළ ආශ්‍රිත ව ඉදිකරන්න කටයුතු කරනු ඇත. ගුවන් ක්ෂේත්‍රයේ තනතුරු වැඩි කරන්න කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya