මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරු හා කම්කරු සබඳතා සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් සම්මත වේ Featured

    නොවැම්බර් 05, 2014

    අද (05) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත (අය-වැය) 2015 යටතේ විවාදයට ගත් කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යංශය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.


    කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යංශ වැය ශීර්ෂය අද පෙරවරුවේ කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනීමෙන් අනතුරු ව අද පස්වරුවේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශ වැය ශීර්ෂය විවාදයට ගැනිණි.


    අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය අවසන් වීමෙන් පසු ව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂ අංක 127, 221 සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂ 105, 281 හා 331 සභාවේ එකඟත්වය විමසීමෙන් පසු ව එයට අනුමැති පළවිය. අනතුරු ව යළි පාර්ලිමේන්තුව රැස්විණි. එහිදී ඉහත වැය ශීර්ෂයන් කාරක සභා අවස්ථාවේ සලකා බලා සංශෝධන සහිත ව සම්මත වූ බව නියෝජ්‍ය කතානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya