අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ ආණ්ඩුව සියලු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදලින් ලක්ෂ 50 බැගින් ලබා දී තිබෙනවා

    නොවැම්බර් 05, 2014

    අපේ ආණ්ඩුව සියලු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල යටතේ රුපියල් ලක්ෂ 50 බැගින් ලබා දී තිබෙන බවත් පැරෂුට්වලින් ජාතික ලැයිස්තුවෙන් පත් වූ එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමාටත් එම ලක්ෂ 50 ලැබෙන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ තෙවැනි දින විවාදයට එක්වෙමිනි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පස්වරුවේ විවාදයට ගැනිණි.

    මෙතන එරාන් වික්‍රමරත්න මහතා කියනවා වැඩිම විදුලි බිල තියෙන්නේ ලංකාවේ කියලා. පට්ටපල් කෙප්ප කියන්න එපා. ලංකාවේ අයකරන්නේ පළමු යුනිට් 30ට රුපියල් 3.50 ගානේ. එහෙම අයකරන රටක් ලෝකයේ කොහේවත් නැහැ.

    රෑ අටෙන් පස්සේ බස් නැහැලු. එතුමා කවද්ද අන්තිමට බස් එකක ගියේ. කියන්න බලන්න. කවද්ද අන්තිමට බස් එකක ගියේ. එතුමා ගියේ අර හම්බන්තොට වරාය බලන්න ගිය දවසේ. පුළුවන් නම් පිටකොටුවේ පාර පනින්න ත්‍රීවිල් එකක හැප්පෙන්නේ නැතිව. පොළොවේ පය ගහලා ඉන්න අපි ඉන්නේ ගම්වල. ජනතා සන්තක ප්‍රවාහන සේවය සීටීබී බස් තමයි අද රෑ 8, 9, 10 වෙනතුරු ගම්වල වැඩ කරන්නේ. තමුන්නාන්සේ ගමට යන්නේ නැතිව කතා කරනවා ගම ගැන.

    අපේ රටේ ණය ගැන කිව්වා. ඒකපුද්ගල ණය. යූඑන්පී එකට මාර ලෙඩක් තමා හැදිලා තියෙන්නේ. ඕනම රටක ණය බලන්නේ ඒ රටේ දළ දේශිය ආදායම අනුව. රටකට ණය දෙන්නේ ගෙවන්න පුළුවන් ද බලලා. රටේ දළ දේශීය නිෂ්පාදනය අනුව. අද ජපානයේ, අමෙරිකාවේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අරන් තියෙන ණය ප්‍රමාණය ඉතා ම ඉහළයි. අපේ කලාපයේ ම අඩු ම ඒකපුද්ගලණය ප්‍රතිශතයක් තියෙන්නේ ලංකාවේ. යූඑන්පී එකේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දෙන දේශනා මෙතන දෙන්න එන්න එපා. ටයි කෝට් ඇඳලා එක පාරටම රෙද්ද බැනියම ඇන්දම මෙහෙම වෙනවා.

    ගෘහ සේවිකාවන් ගැන කතා කළා. (ස්ථාවර නියෝග අනුව බාධාවක්) මට එරාන් මන්ත්‍රීතුමාගේ පෞද්ගලික ජීවිතය ගැන අපහාස කරන්න ඕන නම් කරන්න පුළුවන්. මට පෞද්ගලිකව පහර ගැහුවේ නැතිනම් මම එහෙම කරන්නේ නැහැ. මට පෞද්ගලිකව ගැහුවොත් මම නොගහා ඉන්නෙත් නැහැ. ලංකාවට එන විදේශ මුදල් ගැන කතා කරනවා. එදා යූඑන්පී කාලේ 60%ක් 70%ක් හිටියේ ගෘහ සේවිකාවන්. අද වෙනකොට එන්වීකියු පාස්කරලා ගිය පිරිමි ශ්‍රමය තමයි වැඩිපුර රටට විදේශ විනිමය ගේන්නේ. අද විවෘත ආර්ථිකයත් ගෝලීය ආර්ථිකයත් එක්ක අපි වැඩ කරන්නේ. අද ඒ කාලේ වගේ නෙවෙයි. පුහුණු වගේ ම අර්ධ පුහුණු පිරිමි ශ්‍රමිකයන් විදේශ රැකියාවලට යවන්නේ.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya