අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිළිඳුකම පිටුදැකීමත්, ආර්ථිකය නංවාලීමත් රජයේ අරමුණයි

    නොවැම්බර් 05, 2014

    දිළිඳුකම පිටුදැකීමත්, ආර්ථිකය නංවාලීමත්, රට ඓශ්චර්යමත් රටක් බවට පත් කරලීමත් රජයේ අරමුණ බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ තෙවැනි දින විවාදයට එක්වෙමිනි.

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පස්වරුවේ විවාදයට ගැනිණි.

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ කටයුතුවලට සහය වන්නට ලැබීමත් සතුටක්. 2013 හෝටල් කාමර 27,000ක් පමණයි තිබුණේ. එය 28,000 දක්වා වැඩිකරලීමට අපිට හැකි වුණා. සංචාරකයින් දින 10ක පමණ කාලයක් අපේ රටේ නැවතී සිටිනවා. 2013 වසරට සාපේක්ෂව අපේ ආදායම් වැඩි වෙලා. ශ්‍රී ලංකාව සංචාරකයින් පැමිණීම් අතින් මාල දිවයින් හා සම තත්ත්වයට පත් ව තිබෙනවා.

    මඩකළපුව දිස්ත්‍රික්කයට ජන අවශ්‍යතාව අනුව මුදල් වෙන්  කළා. ඇතැම් අය ජාතීන් අතර ගැටුම් ඇති කරනවා. ජාතිවාදී වන්නට එපා යැයි ඔහු අවධාරණය කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya