මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවය හකුළා දැමීමට පියවර ගත්තේ එජාපයයි

    ඔක්තෝබර් 31, 2014

    රාජ්‍ය සේවය හකුළා දැමීමට පියවර ගත්තේ එජාපය බවත් රජය වැඩ කරන්නේ ඩයස්පෝරාවට නොව ජනතාවට බවත් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ හයවෙනි දින විවාදයට එක්වෙමිනි.

    වතු නිවාස, වතු සමාගම්වලට දුන්නේ කවුද? යන්නත් අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.  ආයෝජකයන් යුද්ධය නිසා මෙරටට ආවේ නැහැ. ජී.එස්.පී. සහනය නැති වුණා ම ආදායම් නැති වෙනවා  කිව්වත් එහෙම වුණේ නැහැ. ආනයන සඳහා මාස 05කට අධික කාලයක් සඳහා වත්කම් සංචිත අපට තියෙනවා යැයි ඔහු සඳහන්ක කළේය.

    අද ණය පොලී අනුපාතය පහත වැටිලා. ඉදිකිරීම් වර්ධනය වෙලා. ගත වූ වසර 05 තුළ උද්ධමනය තනි ඉලක්කමක පවත්වා ගැනීමට හැකියාව ලැබුණා. පසුගිය පළාත් සභා මැතිවරණ සියල්ලේ ම එකතුව ගෙන බැලූ විට අපේ සන්ධානය ලක්ෂ 54ක් ඡන්ද අරන් තියෙනවා. එජාපය ප්‍රධාන විපක්ෂය ගත්තේ ඡන්ද ලක්ෂ 28ක් පමණි. මේ පරතරය සමකරන ලෙස අප අභියෝග කරනවා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya