Print this page

2015 විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

සැප්තැම්බර් 26, 2014
2015 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් එක්දහස් අටසිය දොළොස් බිලියන දෙසිය අනු දෙමිලියන හත්සිය දහඅට දහසක් බවට සඳහන් ඇස්තමේන්තුව ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත අද (26) අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.  


2015 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද; ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ 
ණය ලබාගැනීමට බලය දීම සඳහා ද; ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද; ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට අනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ පනත් කෙටුම්පතක් ලෙස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරුණි. 

 

2015 සඳහා විසර්ජන පනත් කෙටුම්පතින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 225,022,000,000ක් ද මූලධන වියදම් ලෙස රුපියල් 6,000,000,000ක මුදලක් ද වෙන්කර ඇත. 2014 දී විසර්ජන පනත් කෙටුම්පතින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට වෙන් කරනු ලැබුවේ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 210,674,260,000ක් ද මූලධන වියදම් ලෙස රුපියල් 3,228,650,000කි.

 

2015 සඳහා විසර්ජන පනත් කෙටුම්පතින් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 38,000,000,000ක් ද මූලධන වියදම් ලෙස රුපියල් 75,000,000,000ක මුදලක් ද වෙන් කර ඇත.

 

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය වෙනුවෙන් පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 72,946,000,000ක් ද මූලධන වියදම් ලෙස රුපියල් 107,979,400,000ක මුදලක් ද වෙන් කර ඇත.

 

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 100,995,751,000ක් ද මූලධන වියදම් ලෙස රුපියල් 38,499,180,000ක මුදලක් ද වෙන් කර ඇත.

 

ප්‍රවාහන අමාත්‍යාංශය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 21,658,000,000ක් ද මූලධන වියදම් ලෙස රුපියල් 1,000,000,000ක මුදලක් ද වෙන් කර ඇත.


මහාමාර්ග, වරාය සහ නාවික අමාත්‍යාංශය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 335,000,000ක් ද මූලධන වියදම් ලෙස රුපියල් 200,000,000,000ක මුදලක් ද වෙන් කර ඇත.


කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 38,850,000,000ක් ද මූලධන වියදම් ලෙස රුපියල් 3,269,000,000ක මුදලක් ද වෙන් කර ඇත.

 

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 149,300,000,000ක් ද මූලධන වියදම් ලෙස රුපියල් 4,416,000,000ක මුදලක් ද වෙන් කර ඇත.

 

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 2,522,000,000ක් ද මූලධන වියදම් ලෙස රුපියල් 2,550,000,000ක මුදලක් ද වෙන් කර ඇත.


ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 940,000,000ක් ද මූලධන වියදම් ලෙස රුපියල් 2,200,000,000ක මුදලක් ද වෙන් කර ඇත.


රුපියල් 2,730,090,000ක් ද විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය වෙනුවෙන් රුපියල් 9,300,000,000ක් ද වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් 144,998,376,000ක් ද වෙන් කිරීමට පියවර ගෙන ඇත. 

 
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 30,500,000,000ක් ද මූලධන වියදම් ලෙස රුපියල් 17,100,000,000ක මුදලක් ද වෙන් කර ඇත.

 

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 23,000,000,000ක් ද මූලධන වියදම් ලෙස රුපියල් 18,100,000,000ක මුදලක් ද වෙන් කර ඇත.


අධ්‍යාපන සේවා අමාත්‍යාංශය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 7,300,000,000ක් ද මූලධන වියදම් ලෙස රුපියල් 540,000,000ක මුදලක් ද වෙන් කර ඇත.
 
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 51,000,000,000ක් ද මූලධන වියදම් ලෙස රුපියල් 6,500,000,000ක මුදලක් ද මෙම පනත් කෙටුම්පතින් වෙන් කර ඇත.

 

HC/NDH