මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගමේ පාලමෙන් නැගෙන ගීතය

    නොවැම්බර් 18, 2014
    තවත් දිනයක් උදාවී තිබේ. පැහැබර අනාගතයක වරුණ මතුවේ. වැහැරී ගිය ශ්‍රමය යළි පුනර්ජීවනය කිරීමේ චින්තනය ඵල දරයි. වැලලී ගිය සම්පත් යළි උදාකර ගැනීමේ සංකල්පය මතුවේ. ගැමි ජනතාවගේ සැඟවුණු හැකියාවන් ප්‍රතිඋද්දීපන කිරීමේ ප්‍රාර්ථනාවන් දැන් විකසිත වෙමින් පවතී.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්තිය යටතේ ගම් දොරට දියුණුවේ රන් දොරටු විවර කරන ඉසුරුමත් හෙට දිනක් වෙනුවෙන් ගමත් නගරයත් යා කරන, දිවයින පුරා ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් 1,210 ගොඩනැංවීමේ වැඩසටහන මග නැගුමෙන් ගම නැගුමටය.
     
    ශ්‍රි ලංකාවේ ජනගහනයෙන් සියයට 75ක් වෙසෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය. ගමත් නගරයත් යා කරන ග්‍රාමීය පාලම් 1,210 වැඩසටහනින් රං මසු පාලමක අසිරිය දැන් ගම් නියම්ගම් පුරා පැතිරෙමින් පවතී. එය දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 160ක් පුරා විහිදී ගොසිනි.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ මෙහෙයවීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමීය පාලම් ගොඩනැගීමේ ව්‍යාපෘතිය මගින් ගම්මාන 12,000ක ජනතාවට ශක්තියක් වී තිබේ. ග්‍රාමීය පාලම් වැඩසටහනින් ලක්ෂ 60කට ආසන්න ජනතාවකට සෙත සැලසේ.
     
    ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් පවසන පරිදි ග්‍රාමීය ජනතාවගේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථීකය සහ සංවර්ධනය ගොඩනගන මේ පාලම් මගින් ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙනයෑමට බෙහෙවින් ඉවහල් වනු ඇත. මග නැගුම වැඩසටහනින් පාරවල් වැඩිදියුණු කිරීමෙන් පසු ජනතාවගේ ආදායම් තත්ත්වය වැඩිදියුණු වී ඵලදායිතා‍ව ඉහළ තත්ත්වයකට පිවිසුනු බවද ග්‍රාමීය පාලම් ඉදිකිරීමෙන් වැවිලි සහ කෘෂි ආර්ථීකය දියුණු වී රටට විශාල ආර්ථීක ප්‍රතිලාභයක් අත්කර දී විශාල සංවර්ධනයක් ඉදිරියේදී සිදුවන බවද අමාත්‍ය බැසිල් රාජපක්ෂයන්  වැඩිදුරටත් පෙන්වා දේ.
     
    පාලම් තැනීමේ තාක්ෂණය ශ්‍රී ලංකිකයින්ට උරුම වූයේ අනුරාධපුර යුගයටත් ඔබ්බට දුවන ඉතිහාසයක් ඔස්සේය. එහෙත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වී ඇති ඉංජිනේරුමය තාක්ෂණ ක්‍රමවේදයන් යටතේ බ්‍රිතාන්‍යයන් විසින් උරුම කරන ලද්දකි. ගල් සහ ගඩොල් උපයෝගි කොට නිර්මාණය කරන ලද ආරුක්කු පාලම් මෙරටට හඳුන්වා දුන්නේද බ්‍රිතාන්‍යයන් විසින්ය.
     
    වසර 1822දී කැලණි ගඟ හරහා ඉදි වූ බෝට්ටු පාලම අපූරුය. එය බ්‍රිතාන්‍ය රාජකීය ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජෝන් ෆ්‍රේසර්ගේ සැලැස්මකි. ඔරු බෝට්ටු 21ක් යොදා තැනූ එහි දිග අඩි 500කි. ශ්‍රී ලංකාවේද වර්තමානයේ ගම නගරය එක්කරන මෙම ග්‍රාමීය පාලම් වැඩසටහනට තාක්ෂණික දායකත්වය ලැබෙන්නේ බ්‍රිතාන්‍යයෙනි.
     
    මෑත අතීතයේදී ශ්‍රී ලංකාවේ පාලම් තැනීමට වසර 10 සිට 15ක් පමණ කල් ගතවිය. අම්පාර, මහඔය පාලම සැදීමට ගිය කාලය වසර 15කි. ගම්පහ පොල්අතු මෝදර පාලමට වසර 12ක් ගත විය. කරවනැල්ල පාලම සෑදීමටද වසර 12කි. එකල පාලමක් සාදා නිමවන විට පාලම් පාටිය වාඩිය රැගෙන ඊළඟ පාලමට යන්නේ කෙසෙල් පැළයක් සහ දෙල් පැළයක්ද රැගෙනය. පාලම නිමවන විට දෙල් පැළය රූස්ස ගසකි. කෙසෙල් පැළ වගාව හත් ගව්වක් දුරය.
     
    එහෙත් අද එසේ නො වේ. ඔබ මේ ඡායාරූපවලින් දකින පාලම්, ඉංජිනේරුමය නව තාක්ෂණ ක්‍රමවේදයන් යටතේ ඉදිවී ඇත්තේ මාස 3කිනි. ග්‍රාමීය පාලම් 1,210 වැඩසටහනේ ප්‍රථම අදියර යටතේ ඉදිවන පාලම් 210 වැඩ කටයුතු දැනටමත් මුළුමනින් අවසන්ය. දෙවන අදියර යටතේ ඉදිවන ග්‍රාමීය පාලම් 1,000 ගොඩනැගීමේ වැඩ ආරම්භ කිරීම ලබන නොවැම්බර් 18වන අඟහරුවාදා පෙරවරු 10.40ට නැගෙනහිර බලා සුභ මොහොතින් සිදුවනු ඇත.
     
    මාතලේ - දඹුල්ල, පල්ලේපොළ, පොල්වත්ත ඔය පාලම අසලදී 37 හැවිරිදි  ලසන්තා මදුශානි මහත්මිය කියා සිටියේ, ‘ඔය ගලපු කාලට වසරකට මාස තුනක් ළමයින්ට පාසැල් යන්න බැරිවුණා. දැන් අපේ පුතාලා, දුවලා හොඳින් පාසැල් යනවා ඉස්සර මාතලේට යන්න පැය දෙකක් ගතවුණා. දැන් යන්නේ පැයකින් බවය.
     
    ගම ප්‍රබෝධමත් කිරීමට සැඟවුණු සම්පත්වලට නව පණක් දීමට ජනතාව කෙරෙහි නොපෙනී, නොඇසී, නොදැනී, අක්‍රීයව පවතින ශක්තිය උළුප්පා ඒකරාශිකර ඵලදායි මාර්ගයක් කරා යොමු කිරීමට මෙම ග්‍රාමීය පාලම් මගින් ඉටුවන්නේ සුවිසල් 
    මෙහෙවරකි.
     
    මෙම යකඩ පාලම් මැදට කනු සිටුවීමකින් තොර ව ඉදිකෙරේ. ඕනෑ ම කාලගුණික වෙනස්වීම් හේතුවෙන් ගංවතුර වැනි තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි සවි ශක්තියෙන් අනූනය. 
     
    ශ්‍රි ලංකාවේ සියයට 75ක ජනයා ජීවත්වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය. ගංවතුර වැනි කාලයන්හිදී ඔවුන්ගේ මුළු ජන ජීවිතයම අඩාලය. දරුවන්ට පාසැල් යෑමට නොහැක. වැඩිහිටියන්ට සිය දෛනික රැකියාවන් අහිමිය. එපමණක් නො ව පාලම් නොමැති වීමෙන් ඒදඬු, කඹ, ගස්වල අතු, තරණය කරමින් අනතුරුදායක ප්‍රවේශයන් ඔවුහු භාවිත කළහ. ඔවුහු උපන්දා සිට ම පාලමක් නොමැති වීමෙන් අනේක වාරයක් දුක් වින්දෝය.
     
    මොරලිය, වැද්දාවල පාලම අසලදී 67 හැවිරිදි හෙට්ටිආරච්චිගේ රත්නායක ගොවි මහතා කියා සිටියේ ‘වසර 40ක පමණ ඉඳලා 25 පාරක් විතර පාලම හදන්න මැන්නා. ඒත් මොකක්වත් වුනේ නැහැ. මාස කිහිපයකින් හදපු මේ පාලම හරියට හීනයක් වගේ කියාය.
     
    ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය යහපත් කරගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතින් ගම තුළ සාර්ථකව කර ගැනීම සඳහා ගමේ ජනතාවගේ අවශ්‍යතාවලට සරිලන පරිදි පරම්පරා ගණනාවක් පවතින තිරසාර යටිතල පහසුකම් සංවර්ධනයක් ගම තුළ ඇතිවන බව ආර්ථීක සංවර්ධන අමාතාංශයේ අදහසයි.
     
    මාතලේ, රත්තොට, පහළ හපුවිද පාලම අසලදී 85 හැවිරිදි පිච්චි අම්මා මහත්මිය කියා 
    සිටියේ ‘මෙවැනි පාලම් හදලා දුන්නාට බොහොම පිං කියාය.
     
    අද මේ ඉදිවූ පාලම් ඔවුන්ගේ ගැලවුම්කරුවන් බවට පත්වී තිබේ. දරුවෝ පාසැල් යන්නේ සතුටිනි. වැඩිහිටියන් රැකියාවට යන්නේ උද්දාමයෙනි. එදා තම භව බෝග විකිණීමට ගොවීනට සිදුවූයේ කුණු කොල්ලයටය. වෙළෙන්දෝ ලොරිවලින් අද ගමට ම පැමිණ භාණ්ඩ ගෙන යති. අතරමැදියන් නැත. එබැවින් ඔවුන්ගේ අතමිටද සරුය.
     
    වැල්ලවාය, බලහරුව. ඇතිලියවැව, කුඩාඔය පාලම අසලදී වීර ගොවි සංවිධානයේ 42 හැවිරිදි බර්ටි චන්ද්‍රදාස ගොවි මහතා කියා සිටියේ ‘එදා අපි බව බෝග විකිණුවේ කුඩාඔය නගරයට ගිහිල්ලා. අද වැල්ලවායේ වෙළෙන්දෝ අපේ ගමට ඇවිල්ලා බඩු ගන්නවා. පාලම හැදීමෙන් වැල්ලවායට යන්න කිලෝමීටර් 42ක් දුර අඩුවුණා. දැන් හැම භාණ්ඩයකින් කිලෝ එකකට රුපියල් 20ක් වැඩිපුර අපේ අතට ලැබෙන බවය. ග්‍රාමීය පාලම් විප්ලවයේ අරමුණ එයය.
     
    මහින්ද චින්තනය යනු ගම තුළින් ලැබූ දැනුම, පළපුරුද්ද සහ ගම තුළ ජීවත්වු අත්දැකීම් ඔස්සේ ගම දියුණු කිරීමට සකස් කළ යෝධ වැඩසටහනකි. ග්‍රාමීය පාලම් ඉදිකිරීම ඒ යටතේ නැවුම් පැති කඩකින් සංවර්ධනය දෙස බැලීමට ගත් නව ප්‍රවේශයකි. මෙම පාලම් විප්ලවයෙන් නොයෙක් නව මං පෙත් හෙට දිනයේදී තව තවත් එළි පෙහෙළි වනු නියතය. 
     
                          01. 1
    අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා උඩුදුම්බර, වරාගොල්ල පැරණි පාලම නිරීක්ෂණය කරමින් නව පාලමට මුල්ගල් තැබීමට පැමිණි අයුරු (උඩ ඡායාරූපය) සහ අද එම ස්ථානයේ ඉදිවී ඇති නව පාලමෙන් ගමන් කරනා ගම්වැසියන් (පහළ ඡායාරූපය)
     
     
     
    2.     සොම්නසින් උද්දාමයට පත් ළමුන් පිරිසක් නාවලපිටිය, පිටකන්ද පාලම අසලදී
     
    3.     හෙට්ටිආරච්චිගේ රත්නායක (67) ගොවි මහතා සිය බිරිඳ සමග මොරලිය, 
     
    වැද්දාවල පාලම අසල දී අදහස් දක්වමින්.
     
    4.     ප්‍රධාන ඉංජිනේරු විතාන සෙනෙවිරත්න මහතා නාවලපිටිය, පිටකන්ද පාලම 
     
    අසලදී සෙසු ඉංජිනේරුවන්ට උපදෙස් දෙමින්.
     
    5.     හපුතලේ පහළ කහත්තේවෙල පාලම
     
    6.     කහගොල්ල පාලම
     
    7.     ගල්කඩුල්ල පාලම
     
    8.     බඹරකන්ද දිය ඇල්ලට යන පාලම
     
    9.     පල්ලේපොළ පාලම
     
    10.   පල්අරඹේගම පාලම
     
    - ධර්මන් වික්‍රමරත්න

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya