මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරවැසි ප්‍රඥප්තිය සංශෝධනය කිරීම කාලෝචිතයි

    ඔක්තෝබර් 18, 2014

    පළාත් පාලන ආයතනවල පරිපාලන හා සංවර්ධන කටයුතුවලට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ජනතාවට පළාත් පාලන මට්ටමින් ඵලදායී ලෙස සහභාගී වීම සඳහා වැඩිපුර අවස්ථා සැලසීමේ අරමුණු වඩාත් අර්ථගන්වමින් පළාත් පාලන ආයතන ලබා දෙන සේවාවන් පිළිබඳ තොරතුරු වගවීම ඇතුළත් ව පුරවැසි ප්‍රඥප්තිය සකස් කළ යුතු ව ඇත.


    මෙම අදහස පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය විසින් 2007 නොවැම්බර් මස නිකුත් කරන ලද “පළාත් පාලන ආයතන සඳහා පුරවැසි ප්‍රඥප්තිය පිළිබඳ මාර්ගෝපදේශ’’ සංග්‍රහයේ,  “පළාත් පාලනයේ මෙහෙයුම් කාර්යයේ ලා, තීරණ ගැනීම් හා ක්‍රියාත්මක කිරීම් සඳහා ජනතා දායකත්වය හා සහභාගීත්වය ලබා ගැනීමට පුරවැසි ප්‍රඥප්තිය මඟින් ඉඩකඩ සලසා දෙනු ඇත’’ බව සඳහන් වී ඇත.


    පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංගමය, ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය හා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය ඒකාබද්ධ ව ක්‍රියාත්මක කරන ජාතික සංවර්ධනය උදෙසා පළාත් පාලනය සවිමත් කිරීම ව්‍යාපෘතිය යටතේ මෑතකදී පවත්වන ලද අධ්‍යනය තුළින් ඉහත කරුණු අවධාරණය වී ඇත.


    පළාත් පාලන තරගවල ජාතික හා පළාත් මට්ටමේ සම්මාන දිනාගත් මහනුවර මහ නගර සභාව, කුලියාපිටිය නගර සභාව හා දික්වැල්ල ප්‍රාදේශීය සභාව යන ආයතනවල ඉහත අධ්‍යනය සිදු කරන ලදි. මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වනුයේ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනවල පුරවැසි ප්‍රඥප්තිය භාවිත කිරීමේ ක්‍රමවේදයේ ශක්තීන් හා දුර්වලතා හඳුනාගැනීමයි.


    මෙම අධ්‍යනය තුළින් පළාත් පාලන ආයතනයේ ඵලදායී මහජන සහභාගීත්වය සඳහා දැනට පවතින අවස්ථාවන් [මහජන ගැලරිය, උපදේශන කමිටුව, කාරක සභා සාමාජිකත්වය සඳහා මහජන නියෝජිතයන් මෙන් ම ප්‍රජාවද සහභාගී කරවා ගැනීම (ප්‍රාදේශීය සභාව), ප්‍රජා විසින් ඉටුකළ යුතු යුතුකම් හා වගකීම් අවබෝධ කිරීම හා දුක්ගැනවිලි සඳහා සහන සැලසීමේ ක්‍රමය] උචිත අන්දමෙන් ක්‍රියාවට නැංවිය යුතුවේ.


    එමෙන් ම පළාත් පාලන ආයතන තුළ පැමිණිලි ලබා ගැනීම සදහා භාවිතා වන පැමිණිලි පෙට්ටි ක්‍රමය අසාර්ථක වී ඇති බැවින් මේ සඳහා විකල්ප ක්‍රමයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දී ඇත.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya