Print this page

අනතුරු හා හදිසි ප්‍රතිකාර පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වේ

දෙසැම්බර් 09, 2016
ශ්‍රී ලංකාවේ අනතුරු හා හදිසි ප්‍රතිකාර පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම අද (09) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍ර යේ දී සිදු විණි. 
 
අති විශිෂ්ට වූ අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාවක් ඇති ජාතියක් බවට පත්වීමේ දැක්මෙන් යුතු ව මෙම ප්‍රතිපත්තිය එළිදැක්වීම සිදු කෙරිණි.
 
සෞඛ්‍ය ආයතනව  මට්ටමට ගැලපෙන පරිදි දිවයින පුරා රජයේ සෞඛ්‍ය ආයතනවල අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාවන් ස්ථාපිත කිරීම, පෞද්ගලික අංශයේ දායකත්වය වැඩිකිරීම සහ පෞද්ගලික අංශයේ රෝහල්වල අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාවන්වල ප්‍රමිතිය වැඩිදියුණු කිරීම, එක් එක් මට්ටම්වලට ගැලපෙන පරිදි අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාවන් සඳහා නිර්ණායකයන් සකස් කිරීම, අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාවන් පිළිබඳ ව සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල හැකියාවන් වර්ධනය කිරීම, පූර්ව රෝහල් සේවාවන් ස්ථාපනය කිරීම, අනතුරු හා හදිසි ප්‍රතිකාර පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ සවිබලගැන්වීම, මහජනතාව හා රෝගීන් තුළ අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාව පිළිබඳ ව වගකීම, කැපවීම, ගුණාත්මකභාවය ඉහළ නැංවීම, අනතුරු හා හදිසි ප්‍රතිකාර පිළිබඳ තොරතුරු පද්ධතියක් ජාතික මට්ටමේ ස්ථාපිත කරනු ලබන කළමනාකරණ තොරතුරු පද්ධතියක් මගින් අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාව අධීක්ෂණය කිරීම සහ ඇගයීම හා අනතුරු හා හදිසි ප්‍රතිකාර පිළිබඳ සංවර්ධන හා පර්යේෂණ දිරිගැන්වීම සිදු කෙරෙනු ඇත.
 
 
scan0001
 
scan0002
 
scan0003
scan0004
 
 
scan0005
 
scan0007
 
scan0009
scan0008