මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ඉදිවෙන චීන මහා පන්සල

    සැප්තැම්බර් 27, 2016
    ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති සබඳතාවය වසර සිය ගණනක් එපිටට දිවයයි. ශ්‍රි ලංකාවේ මෙන්ම චිනයේද බහුතරය බෞද්ධයෝය.
    ලෝකයේ බුදු දහම හීන යාන හා මහා යාන  ලෙස ප්‍රචලිතව පවති. ශ්‍රි ලංකාවේ රටවල් රැසක හීනයාන හෙවත් ථෙරවාදී බුදුදහම ව්‍යාප්තව පවති. 
     
    ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින චීන ජාතිකයන්  අදහනුයේ මහා යාන බුදුදහමයි. ශ්‍රි  ලංකාවට පැමිණෙන චීන ජාතිකයින් ශ්‍රි දළදා  වහන්සේ, ජය ශ්‍රි මා බෝධින් වහන්සේ  වන්දනාමාන කිරීම ප්‍රමුඛව සිදු කරති. නමුත් චීන ජාතිකයින්ට මහායාන ක්‍රමයට වතාවත් කර බුදු රදුන් පිදීමට ස්ථානයක්  නොමැති වීම  බොහෝ කලක සිට  තිබු අඩුපාඩුවකි.  මෙයට විසදුමක් ලෙස පොල්ගහවෙල, පොතුහැර අරඹේපොල කේන්ද්‍රව ඉදිවෙන  චීන බොදු හඩ මධ්‍යස්ථානය හා සංස්කෘතික මධ්‍යස්ථානය හැදින්විය හැකිය. 
     
    මෙම චීන බොදු හඩ මධ්‍යස්ථානය සියළුම  ථෙරවාදි වතාවත් වලට  මුල් තැන දෙමින් මහායාන ඇදහීම  සිදු කිරිමට සියළු පහසුකම්  ඉදි කරමින් තිබේ. cheena 2
     
    මෙම ආයතනයේ මග පෙන්වීම හා නායකත්වය ලබා දෙනුයේ ශ්‍රි ලාංකීක භික්ෂුන් වහන්සේ නමක් වන ගින්නලියේ ශීල වංශ හිමියන් වීම අපට ආඩම්බරයක්  ගෙන දෙන්නකි. උන් වහන්සේ  මල්වතු විහාරයෙන් උපසම්පදාව ලැබ පශ්චාත් අධ්‍යාපන කටයුතු සදහා චීනයට වඩමවා එහිදී චීන බුදු දහමට අනුව , එරටින් උපසම්පදාව ලැබු ප්‍රථම භික්ෂුන් වහන්සේ ලෙස ඉතිහාස ගත වී ඇත.
     
    මෙම කරුණු හෙලි වුයේ පසුගියදා මෙම විහාරස්ථානය කේන්ද්‍රව පැවති මාධ්‍ය චාරිකාවේදීය. මෙම  විහාරස්ථානය ඉදිකිරිම් හා ආයතන සැලසුම් පිළිබදව අදහස් දැක්වු ගින්නැලියේ සීලවංශ නාහිමියන් මෙසේ පැවසීය. 
    ශ්‍රි ලංකාවේ ථෙරවාදී බුදු දහමත් චීනයේ පවතින මහායාන බුදු දහමත් බොහෝ සමානතාවන් වලින් සමන්විතය.ප්‍රධානතම වෙනස භාෂාවයි. මහායාන බුදුදහම අදහන චීන ජනතාව  බෝධි පුජා වන්දනාවද ප්‍රමුඛව සිදු කරයි. 
      
    අප්‍රිකාව  ඇතුළු බෝහෝ රටවල බුදු  දහම ප්‍රචලිත කරන්නේ චීන ජාතිකයින්. විශේෂයෙන් බුදු දහම නාගා සිටුවීමට  චීන හාමුදුරුවන්ගේ මෙන්ම චීන ජාතිකයින්ගේ කැපවීම අප සැමගේ ගෞරවයට ලක්විය යුක්තක් බවද උන්වහන්සේ පැවසීය.
     
    චීන බොදු හඩ ආයතනයේ ප්‍රධාන උපදේශක ශාස්ත්‍රපති දිසානායක මහතා පවසා සිටියේ දැනටමත් චීන භාෂාව ඉගෙනීම සදහා පාඨමාලා ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී පාලි භාෂාව ඇතුළු භාෂාවන් ඉගැන්වීමට කටයුතු යොදන බවය.
     
    ශ්‍රී ලංකාව තුළ මෙම උපසම්පදා හිමිකම මට නොමැත. එසේ වුවත් සියළුම බෞද්ධ කටයුතු සිදු කිරිම සදහා  ගරු මහානායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය මට ලැබී තිබෙනවා. මම චීන බෞද්ධ සංගමයට අයිති වුවත් මහායාන හිමිවරුන්ගේ ආශිර්වාදය මහත් ශක්තියක් වී තිබෙනවා.
     
    වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ මෙසේද පැවසීය. උදව් උපකාර අවශ්‍ය පංසල් , දහම් පාසල් , පිරිවෙන්  වලටද තම ආයතනය උදව් උපකාර කිරිමට කටයුතු කරන බවය.
     
    සටහන-
    ශාස්ත්‍රපති තිලකරත්න  ලියනපටබැදී 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya