අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ට මව් කිරි දීමේ ලොව පළමු තැන ශ්‍රී ලංකාවට - ජාතික මව්කිරි දීමේ සතිය අගෝස්තු 1 සිට

    ජූලි 27, 2016

    ජාතික මව්කිරි දීමේ සතිය අගෝස්තු 01 දින සිට 07 වැනි දිනය දක්වා ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    ''මවුකිරෙන් සපිරි- ජාතියක අසිරි - තිරසර සංවර්ධනයකට මව්කිරි'' මෙවර ජාතික මව්කිරි දීමේ සතියේ තේමාව වී තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික මව්කිරි දීමේ සතිය පිළිබඳව කරුණු අනාවරණය කළේ, අද (27) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ජාතික මව්කිරි දීමේ සතිය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.


    මාව්කිරි දීම සතියකට සීමා වන්නේ නෑ. මව්කිරි ලබාදීම සම්බන්ධයෙන් සතියක් ප්‍රකාශ කරන්නේ, මව් කිරිවල තිබෙන වටිනාකම පිළිබඳව දැනුවත් කිරීමට, ප්‍රතිපත්ති සම්පාදනය කරන කණ්ඩායම්වල අවධානය වැඩි වශයෙන් යොමු කරගැනීමේ අරමුණින්.

    මව්කිරි ලබාදීමේ සතිය තුළ මව්කිරි ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. දරුවන්ට මව් කිරි ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ සිටින්නේ ඉහළ ස්ථානයකයි. වසර 2012 රටවල් 51ක කරන ලද සමීක්ෂණයකින් මව් කිරි ලබාදීමෙන් ප්‍රථම තැන හිමිව තිබෙන්නේ ශ්‍රී ලංකාවටයි. 2016 දී සිදු කළ සමීක්ෂණයෙන් රටවල් 121කින් ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටින්නෙත් ශ්‍රී ලංකවයි. දෙවැනි ස්ථානය කියුබාව හිමිකරගෙන තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් අපේ මව්වරු ආඩම්බර විය යුතුයි. මව්කිරි ප්‍රවර්ධනයට  තවමත් අභියෝග තිබෙනවා. මව්කිරි මුල්පැය තුළ ලබාදීම සියයට 92%ක මට්ටමක අප සිටිනවා. අපේ ඉලක්කය ඒ මට්ටම සියයට 96%ට ගෙන ඒමයි.

    මව්කිරි වලින් දරුවන්ට විශාල ආරක්ෂාවක් තිබෙනවා. බෝ නොවන රෝග අඩුවීමට ප්‍රධාන සාධකය වන්නේ මව් කිරියි. දරුවන්ගේ මානසික හා කායික සංවර්ධනයට මව්කිරි විශාල දායකත්වයක් ලබදෙනවා. ඒ නිසා මව් කිරි ලබාදීම දීර්ගකාලීන සංවර්ධනයකට දායක කරගන්න හැකියාව ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් දැන් අවධානය යොමු වී තිබෙනවා. ඒ නිසා ආයතන මට්ටමින් දරුවන්ට කිරි දීමේ ස්ථානයක් සකස් කිරීමට කටයුතු කිරීම ඉතාම වැදගත් යැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya