අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාගතයට අත්වැලක් -Future Minds

    ජූනි 17, 2016
    Future Minds - 2016 ජාතික අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශණය රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණ.

    future

    11 වන වරටත් පවත්වනු ලබන මෙම ප්‍රදර්ශණය අද සිට ජුනි 19 වන දින දක්වා පැවැත්වේ. කොළඹ නාලන්ද කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙහි තේමාව වනුයේ "නව දශකයක්" යන්නයි.
     
    ප්‍රදර්ශණය විවෘත කරමින් අදහස් දැක්වු එරාන් වික්‍රමරත්න මහතා‍, ලංකාව නිෂ්පාදන හා සේවා මුලික කර ගත් ආර්ථිකයක්  බිහි කිරීමටත්  ශ්‍රී ලංකාව අග්නිදිග ආසියාවේ  ප්‍රමුණස්ථානයකට ගෙන ඒමත් සදහා උසස් අධ්‍යාපනය මුලික කර ගත් ක්‍රම වේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.                                                                                                                                                                                                                         
    මෙම ප්‍රදර්ශණය පාසැලෙන් නික්මෙන දු දරුවනට තම අනාගතය සුරක්ෂිත කිරීම උදෙසා  කාර්යක්ෂම වෘත්තීය සැලසුම්කරණයක් සදහා විවිධ මංමාවත් විවර කර දෙන අවස්ථාවකි. මෙහිදී  තරුණ තරුණියන්ට තම දෙමාපියන් සමගම  පැමිණ තමන්ට අනාගතයේදී යොමුවියහැකි සුදුසු ක්ෂේත්‍රයක් තෝරාගැනීමට අවස්ථාව සැලසේ. මෙහිදී මේ සදහා උපදේශන සේවාව ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර මේ සදහා උසස් අධ්‍යාපන ආයතන  හා සන්නිවේදනය සදහා අවශ්‍ය පහසුකම් සලසා ඇත. 
                                                                                                                                                                                                                                    
    future 2මෙම ප්‍රදර්ශණය කුට් 300කින් පමණ සමන්විත වන අතර මේ සදහා ආයතන 150ක් පමණ සහභාගිවී ඇත. 
     
    මෙම වැඩ සටහන යටතේ පවත්වනු ලැබු  Future Minds Talent tank  තරඟාවලියේ සිංහල  හා ඉංග්‍රිසි රචනා තරඟ,ඩිජිටල් ජායාරැප තරඟයේ ජයග්‍රාහක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.
      
    මෙම අවස්ථාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා හා නාලන්ද විද්‍යාලයේ විදුහල්පති රංජිත් ජයසුන්දර යන මහත්වරුන්ද සහභාගි වුහ.
     
    මීට සමගාමීව මහනුවර පවත්වන ප්‍රදර්ශණය ජුනි 25 හා 26 යන දිනයන්හි කැන්ඩි සිටි සෙන්ටර්ස් හීදීත් ගාල්ලේ  නගර ශාලාවේදී සැප්තැම්බර්  03 හා 04 යන දිනයන්හිදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
     
     
     
    AP
     
     
     
     
      
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya