මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් යන දරුවන් අතර අධිපෝෂණ තත්ත්වයේ වැඩි වීමක්- ආහාරපාන වර්ග භාවිතයේ දී සමතුලිතභාවයක් තිබිය යුතුයි

    මැයි 31, 2016

    පාසල් යන දරුවන් අතර අධිපෝෂණ තත්ත්වයේ වැඩි වීමක් දක්නට ලැබෙන බවත් ළමුන් සෑම දිනකම පැයක ක්‍රියාශ්‍රීලී ක්‍රීඩාවක නියුතු විය යුතු බවත් එමඟින් වර්ධනය නිසිලෙස පවත්වාගත හැකි බවත් පෝෂණය පිළිබඳ විශේෂඥ හා ප්‍රජා වෛද්‍ය විශේෂඥ රේණුකා ජයතිස්ස මහත්මිය පවසයි.


    ජාතික පෝෂණ මාසය පිළිබඳව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අද (31)  පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය මේ බව පැවසුවාය.

     

    මෙලෙස දරුවන් අධි පෝෂණ තත්ත්වයෙන් වසර තිහක් පමණ ගිය විට බෝ නොවන රෝගවලට ගොඳුරුවීමේ හැකියාව වැඩි බවද වෛද්‍යවරුය පෙන්වා දුන්නාය. එහිදී තවදුරටත් අඳහස් දැක්වූ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය, ආහාරපාන වර්ග භාවිතයේ දී සමතුලිතභාවයක් තිබිය යුතුයි.ශරීරය මනාව පවත්වාගැනීමට හැකියාව ලැබෙනවා.

     

    වැඩිපුර ආහාර ගැනීම හා ක්‍රියාශීලී නොවීමෙන් ශරීර බර වැඩි වෙනවා.සෞඛ්‍ය සම්පන්න ලෙස බර පවත්වාගැනීමට නම්, සෞඛ්‍ය සම්පන්න ලෙස බර ප්‍රමාණය රැක ගත හැකියි.අපි නොසිතා ගන්නා ආහාර නිසා නොදැනීම ශරීරයට කැලරි වැඩි කරගන්නවා. තෙල් සහිත ආහාර, පාන වර්ග,හොට් ඩොග්ස් කැම, ක්ෂණික ආහාර නිසා කැලරි වැඩි වෙනවා.එම කැලරි දහනය කිරීමට වෙහෙස වෙන්න වෙනවා. ඇවිදීම, ව්‍යායාම කිරීමට සිදු වෙනවා යැයි ද වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya