මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක දුම්කොළ නිවාරණ දිනය- අලංකරණ රහිත වූ සිගරට් ඇසුරුම්කරණය සඳහා සූදානම් වන්න

    මැයි 31, 2016

    අදට යෙදෙන ලෝක ලෝක දුම්කොළ නිවාරණ දිනය වෙනුවෙන් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජතික අධිකාරිය විසින් සකස් කළ මෙම සටහන පළ කෙරේ.

     

     

    ලෝක දුම්කොළ නිවාරණ දිනය 2016

    අලංකරණ රහිත වූ සිගරට් ඇසුරුම්කරණය සඳහා සූදානම් වන්න


    සෑම වසරකම මැයි 31 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එහි හවුල් කරුවන් සමඟ එක්වී ලෝක දුම්කොළ නිවාරණ දිනය පවත්වන්නේ දුම්කොළ භාවිතයේ සෞඛ්‍යමය අනතුරු හා දුම්කොළ භාවිතය අවම කිරීමට අදාලව ඵලදායි ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මනාව ඉස්මතු කරමිනි. මෙම වසරේ තේමාව වන්නේ ‘අලංකරණ රහිත වූ ඇසුරුම්කරණය සඳහා සූදානම් වන්න’ ලෙසයි.
    ලොව පුරා දුම්කොළ පාලනය කිරීම සඳහා යොමුවීමට ප්‍රධාන හේතුව වන්නේ දුම්කොළ භාවිතය නිසා සිදුවන අධික මරණ සංඛ්‍යාවයි. එම මරණ සංඛ්‍යාව රිය අනතුරු, සියදිවි හානිකර ගැනීම්, මිනී මැරුම්, ඒඩ්ස් රෝග, ක්ෂය රෝග  සහ මාතෘ මරණ යන සියල්ල එකතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉක්මවා යයි. දුම්කොළ  ගැටළුවෙහි ඇති දරුණු තත්වය පහත අයුරෙන් සංක්ෂිප්ත කළ හැක.

     


    දුම්කොළ ගැටළුවෙහි පසුබිම


    •    ලෝක ව්‍යාප්ත දුම්කොළ වසංගතය හේතුවෙන් මිලියන 06 ක ජනගහනයක් වසරකට මරණයට පත්වන අතර, දුම් නො-බොන්නන් ලක්ෂ 06ක් වාර්ෂිකව මරණයට පත්වන්නේ දුම්- බොන්නන්ගේ දුමට නිරාවරණය වීමෙනි. වසරකට ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 20, 000ක් දුම්කොළ හා සම්බන්ධ රෝග හේතුවෙන් මරණයට පත්වේ.
    •    වැඩිහිටි මරණ දහයෙන් එකකට මෙය වගකිව යුතුය. මිනිසුන් මරණයට පත් කරන ප්‍රධානතම අවධානම් සාධක 5න් මෙය වඩාත්ම වළක්වාගත හැකි නිවාරණය කළහැකි,  තනි හේතු සාධකය වේ.
    •    අපි වහා ක්‍රියාත්මක නොවුනහොත් 2030 වන විටදී මෙම වසංගතය වසරකට මිනිසුන් මිලිය 08ක් මරණයට පත් කරනු ඇත. මේ මරණ වලින් 80% ක්ම සිදුවනු ඇත්තේ අඩු සහ මධ්‍ය ආදායම්ලාභී රටවල් තුළයි.
    •    දුම්කොළ භාවිතයට සඳහා වන ආර්ථික වියදම ද අතිශයින් බියකරුය. දුම්කොළ භාවිතය හේතුවෙන් ඇතිවන සෞඛ්‍යමය ගැටළු වලට ප්‍රතිකාර කිරීමේදී ඇතිවන මහජන සෞඛ්‍ය වියදමට අමතරව, දුම්කොළ භාවිතා කරන්නන් රෝගීවීම් වැඩිවන නිසා ඔවුන්ගේ ඵලදායිතාවය අඩුවන අතර අඩු වයසින් මිය යන්නාවූ පුද්ගලයින්ගේ පවුල් වලට ලැබිය යුතු ආදායම මොවුන් නිසා අහිමි වේ.


    දුම්කොළ ගැටළුවෙහි තත්වය මේ ආකාරයෙන් සිදුවෙද්දී, දුම්කොළ නිසා ඇතිවන ගැටළු තත්වයන් ආවරණය කර ජනතාවගෙන් මෙය වසන් කිරීමටත්, නිවාරණ කටයුතු අඩාල කිරීමටත් මෙම කර්මාන්තය විසින් විවිධ සූක්ෂම උපක්‍රම යොදනු ලබයි. එම උපක්‍රම වලින් කිහිපයක් අතර දේශපාලකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට අල්ලස් දීම, උගතුන්ට සහ උසස් අධ්‍යාපනයේ නියලි අයට ශිෂ්‍යත්ව ලබා දෙමින් ව්‍යාජ පර්යේෂණ නිකුත් කිරීම හා විද්‍යාත්මක සාධක ප්‍රශ්න කරමින් ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීම ද අන්තර්ගත වේ.
    ශ්‍රී ලාංකිකයෝ රුපියල් මිලියන 290කට ආසන්න මුදලක් දෛනිකව සිගරට් සඳහා වියදම් කරති. නමුත් මේවායින් වැඩි ලාභය එනම් ශුද්ධ ලාභයෙන් 92% ක් ඇමරිකාව හා එක්සත් රාජධානිය වැනි රටවලට නැවත යවනු ලබයි. ලංකා දුම්කොළ සමාගම (CTC) ශ්‍රී ලංකාවේ දුම්කොළවෙළදාමෙහි ඒකාධිකාරයක් ගොඩනගා ඇති අතර එය අයිති වන්නේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමටයි.


    දුම්කොළ පාලනය පිළිබඳව නීතිමය රාමුව - FCTC යනු කුමක්ද?


    •    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ  නීතිමය රාමුව (WHO-FCTC) සාක්ෂි පදනම් කරගෙන තැනූ ගිවිසුමක් වන අතර එය ගෝලීයකරණයට ලක් වූ දුම්කොළ වසංගතයට ප්‍රතිචාර දැක්වීම පිණිස වැඩිදියුණු කරන ලද්දකි. මෙම ගිවිසුම මගින් සියළු මිනිසුන්ට උසස් සෞඛ්‍යයක් සඳහා ඇති අයිතිය පිළිබඳ යළිත් ප්‍රතිඥා දේ.
    •    WHO- FCTC ජිනීවා නුවර ජුනි 16 වන දින අත්සන් තැබීමට විවෘත කරනු ලැබූ අතර අත්සන් 168ක් සහ පක්ෂ 180 ක් සමග දැන් අත්සන් තැබීම සම්පූර්ණ කර ඇත. මෙහි පක්ෂ අතර යුරෝපීය සංවිධානයක් සිටින අතර මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වඩාත්ම වැදගත් ගිවිසුම වේ.
    •    ශ්‍රී ලංකාව  FCTC ගිවිසුමට අත්සන් තැබුවේ 2003 සැප්තැම්බර් 23 වන දින වන අතර 2003 නොවැම්බර් 11 වන දින එය ස්ථීර කරනු ලැබීය.
    •    FCTC ගිවිසුම ස්ථීර කිරීමෙහි ලා ආසියාවේ පළමුවන රටත් ලෝකයේ හතරවන රටත් වූයේ ශ්‍රී ලංකාවයි.
    ලෝකය පුරාම දුම්කොළ පාලනය වඩාත් අවධානයට පාත්‍ර වී ඇත්තේ අති විශාල සෞඛ්‍යමය හානියේ බර පමණක් නොව උග්‍ර ආර්ථික අර්බුදයත් හේතු කොට ගෙනයි. සිගරට් වලට නියමාකාරව මිල නියමයක් හෝ බදු නියමයක් නොමැති නිසාවෙන් මිලියන ගණනින් බදු මුදල් රටවල් වලට අහිමි වේ.
    “දේශීය මට්ටමින් දර්ශනය වන වෙනස්කම් සහිත ප්‍රතිඵල ඇති කිරීමේ ක්‍රයාවලියකට WHO-FCTC ගිවිසුමෙහි ඇති කතිකාවන් මගින් ඉඩදී ඇත. මහජන සෞඛ්‍ය සඳහා වන මෙවලමක් ලෙසින් WHO-FCTC ගිවිසුම ජයග්‍රහණය කිරීම රඳා පවතිනුයේ මෙය ඉදිරි වසර වලදී රටවල් වල ක්‍රයාත්මක කිරීමට දායකවන දේශපාලනික කැපවීම සහ ශක්තිය මතයි. සාර්ථක ප්‍රතිඵලයක් ලෙස සැවොම වෙනුවෙන් ගෝලීය මහජන සෞඛ්‍ය උදාවෙනු ඇත.
    වෛද්‍ය ජෝන් වූක් ලී, අධ්‍යක්ෂ ජෙනරාල්, ලෝක සෞඛ්‍ය සංවිධානය


    අලංකරණ රහිත වූ ඇසුරුම්කරණය යනු කුමක්ද?


    දේශීය අධිකාරීන් විසින් අනුමත කරන ලද අයුරින් සුදු හා කළු හෝ වෙනත් එවැනි අසමාන වර්ණ දෙකක්; වර්ග නාමය, නිෂ්පාදනයේ නාමය, නිෂ්පාදකයාගේ නාමය (අවැසි නම් ), සම්බන්ධ කරගත හැකි අංක, නිෂ්පාදනයේ ප්‍රචාරණය යන දේවල් වලට අමතරව වෙන කිසිවක් නොමැති; සෞඛ්‍ය අවවාද, බදු මුද්දර හෝ රජයේ අත්‍යවශ්‍ය දත්ත හෝ ලකුණු වලට අමතරව කිසිදු ලාංඡනයක් හෝ අංගයක් හෝ නොමැති; නිර්දේශිත අක්ෂර වර්ගයෙන් හා විශාලත්වයෙන් සමන්විත; නියමිත හැඩය, ප්‍රමාණය හා අමුද්‍රව්‍ය වලින් නිපදවිය යුතුය. කිසිදු ආකාරයක දැන්වීම් ප්‍රචාරයක් හෝ ප්‍රවර්ධනයක් ඇසුරුම තුළ හෝ ඇසුරුමට සම්බන්ධව හෝ සිගරට්ටුවල හෝ අනෙකුත් දුම්කොළ නිෂ්පාදන වල හෝ තිබිය නොහැක.


    අලංකරණ රහිත වූ ඇසුරුම්කරණය වැඳගත් වන්නේ කෙසේද?


    දැන්වීම් ප්‍රචාරයේ හා ප්‍රවර්ධනයේ වැදගත්ම අංගයකි ඇසුරුම. දුම්කොළ කර්මාන්තය විසින් දුම්කොළ ඇසුරුම හෝ නිෂ්පාදනයේ ලක්ෂණ විවිධාකාරයෙන් භාවිතා කිරීමට, පුද්ගලයින් ආකර්ෂණය කිරීමට, නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමටත්, වර්ගයේ අන්‍යතාව ප්‍රවර්ධනය කිරීමටත් යොදා ගැනේ. මේවාට උදාහරණ නම්, ලාංඡන, වර්ණ, අක්ෂර වර්ගය, පින්තූර හැඩ හා ද්‍රව්‍ය ඇසුරුමේ පිටත හෝ ඇතුළත හෝ සිගරට් වල හෝ වෙනත් දුම්කොළ නිෂ්පාදනවල තිබීමයි. එබැවින් මෙම කර්මාන්ත තමන්ගේ දුම්කොළ නිෂ්පාදන හා සන්නා ප්‍රවර්ධනයට දරන උත්සාහයන් අවහිර කිරීමට අලංකරණ රහිත වූ ඇසුරුම්කරණය සමත් වනු ඇත.


    WHO FCTC හි 11 වන සහ 13 වන කොටස් ක්‍රියාත්මක කිරීමට මාර්ගෝපදේශ ( දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් කිරීම හා ලේබල් කිරීම)


    නියමිත අක්ෂර වර්ගය සහ වර්ණ යොදා නිෂ්පාදනයේ නාමයත්, සන්නාමයත් දිස්වන පරිදි පමණක් ලාංඡන, වර්ණ, වර්ග අනුරූප, ප්‍රවර්ධන තොරතුරු නොමැතිව ඇසුරුම් සකස් කිරීමට අදාළ පාර්ශවයන් සැලකිලිමත් විය යුතුය. මෙමගින් සෞඛ්‍ය අවවාද හා පණිවිඩයන්ගේ ඵලදායිතාවය වැඩි වීමත් එය ප්‍රකටව නිවේදනය වීමත්, වෙනතකට අවධානය යොමුවීම වැළැක්වීමත, සමහර නිෂ්පාදන අන් නිෂ්පාදනයන්ට වඩා හානිය අඩුබව හඟවන කර්මාන්තයේ උපක්‍රම වැළැක්වීමත් සිදුවේ.
    අලංකරණ රහිත වූ ඇසුරුම්කරණයට විරුද්ධව ප්‍රබල දුම්කොළ සමාගම් වල අභියාචනය බ්‍රිතාන්‍ය ඉහළ උසාවිය ප්‍රතික්ෂේප කරයි.


    අලංකරණ නොමැති වූ සිගරට් පැකට් ඇසුරුම්කරණය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ නව නීති රීති වලට අභියෝග කරමින් ලොව විශාලතම දුම්කොළ සමාගම් හතරක් ගොනු කරන ලද අභියාචනාධිකරණ නඩුව පරාජයට පත්වේ. බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම්කොළ සමාගම, ඉම්පීරියල් දුම්කොළ සමාගම, පිලිප්  මොරිස් ජාත්‍යන්තර දුම්කොළ සමාගම, ජපන් ජාත්‍යන්තර දුම්කොළ සමාගම 2015 දී බ්‍රිතාන්‍ය ඉහළ උසාවියට විරුද්ධව මෙම නඩුව දියත් කළේ 2016 මැයි 20 සිට බලාත්මක වීමට නියමිත වූ වෙළෙඳනාම සහිත ඇසුරුම් සඳහා වූ තහනමට විරුද්ධවයි.


    කෙසේ වෙතත්, නව රජය ඇතිකළා වූ නියාමන “සුදුසු සහ උචිත” ව පවසා 2016 මැයි 19 වන දින ජස්ටිස් ග්‍රීන් මහතා ඔවුන්ගේ නීතිමය අභියෝගය ප්‍රතික්ෂේප කළේය. ප්‍රාන්තයේ අති විශාල මුදලක් මහජන සෞඛ්‍යහි වැය කිරීමට සිදුවන ක්‍රියා සමග නියැලී ඇති බැවින් මෙම සමාගම් වලට වන්දි ඉල්ලා සිටීමට අයිතික් නොමැති බවත් විනිශ්චයකාර තුමා තමාගේ නියෝගය භාරදෙන අවස්ථාවේ කීවේය.


    “ළමුන් දුම්බීමට යොමු වීමේ ප්‍රතිශතය අඩුකිරීමට අලංකරණ රහිත වූ ඇසුරුම්කරණයට හැකි බවත්, දුම්කොළ භාවිතය වැඩිවීමක් සිදුවිය හැකිබව විශ්වාස කළ නොහැකි බවත්” විමර්ශනයකින් පසුව ප්‍රත්‍ය වූ පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පසුගිය වසරේදී ලාංඡන සහිත සිගරට් පැකට් තහනම් කිරීමට ඡන්දය දුන්හ.
    සිකුරාදා පටන් එක්සත් රාජධානිය තුළ සියළු දුම්කොළ නිෂ්පාදන සඳහා අලංකරණ නොවූ කොළ - දුඹුරු අසුරණයක විකිණීමට නව නීති සමග අනුකූල වීමට සිදුවී ඇත. කෙසේ වෙතත් දැනට අසුරන ලද ඒවා විකිණීමට අවුරුද්දක සංක්‍රාන්ති කාල පරිච්චේදයක් දී ඇත.


    සමාගම් විසින් මෙම නියාමන යුරෝපීය හා එක්සත් රාජධානි වල නීති සමග නොගැළපෙන බවත්, විරුද්ධ බවත් ඔවුන්ගේ අභියෝග වල සඳහන් කර තිබුණි.
    අලාභය ගෙවීමකින් තොරව මෙම නීති වලින් ඔවුන්ගේ බුද්ධිමය දේපළ හා ව්‍යාපාර කීර්තිනාමයට හානිවන බව ඔවුන් පැවසූහ. ඔවුන් තර්ක කළේ “ඔපයක් නොමැති” නව සිගරට් ඇසුරුම තමන්ගේ වෙළෙද නාම වලට ඇති විශ්වාසවන්තකම අඩුකරනු ඇතැයිද යනුවෙනි.


    දුම්පානය කරන ප්‍රමාණය අඩු කිරීමට මෙම නීති ප්‍රතිඵල දායක නොවන බවට ඔවුන් ඉහළ උසාවියට පසුගිය වසරේදී පවසා ඇත.
    සමාගම් විසින් ගෙනා සියළුම තර්ක ජස්ටිස් ග්‍රීන් මහතා ප්‍රතික්ෂේප කළේය. ඔහු නව නියාමන වල වූ “සුවිශේෂී සදාචාරාත්මක කෝණයක්” දැක තිබුණු අතර, මෙම නියාමන මගින් ළමුන් ජීවකාලීන ඇබ්බැහිවීමකින් බේරා ගැනීමත් සහ වැඩිහිටි සහ ළමුන් දෙකොට්ඨාශයම අඩු වයසින් මරණයට පත්වීමෙන් හා ඊට සම්බන්ධ දුක් විදීම් හා රෝගීවීම් වලින් බේරා ගැනීමත් සිදුවන බවද දකියි.


    විනිසුරුවරයා කියා සිටියේ දුම්කොළ සමාගම් විසින් එක්සත් රාජධානියේ ළමුන් 600ක් දිනකට දුම්පානය සදහා යොදාගැනීමට ධෛර්යමත් කරනු ලබන අතර මොවුන් දුම්කොළ සමාගම් වල අනාගත පාරිභෝගිකයන් වන අතර මෙය ප්‍රාන්ත රාජ්‍යකට මහත් ආර්ථික බරක් සහ ඖෂධීය වියදමක් වන බවයි.


    දුම්පානයට විරෝධී කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී වන ඩෙබෝරා ආර්නට් මෙම නීති පිළිගනිමින් කියා සිටියේ “මෙම විනිශ්චය සන්ධිස්ථානයක් වන අතර දුම්කොළ සමාගමට විශාල පරාජයක් වන අතර අලංකරණ නොමැති වූ ඇසුරුම්කරණය සමග ඉදිරියට යෑමට රජය දුන් හඳුන්වාදීම සම්පූර්ණයෙන් යුක්ති සහගත යන්නයි” මෙම ප්‍රතිපත්ති අඩාල කිරීමේ බලාපොරොත්තුවෙන් පවුම් මිලියන ගණනක් වියදම් කරමින් රටේ ඉතාමත් මිල අධික නීතිඥයන් යොදාගත් බව ඔහු තවදුරටත් අනාවරණය කළේය.
       


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya