මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නත්තල් අසිරිය පෙන්වන ලොව අරුම පුදුම නත්තල් ගස්

    දෙසැම්බර් 13, 2015

    6735445

    ජේසු බිළිඳුන්ගේ උපත සමරන නත්තල් සමය උදාවීමත් සමඟ ලෝ පුරා රටවල් විවිධ සැරසිලි නිර්මාණවලින් හා විදුලි ආලෝකයෙන් අසිරිමත්ව බබළයි. විශේෂයෙන්ම නත්තලේ අසිරිය කියා පාමින් අලංකාර නත්තල් ගස් නිර්මාණය කිරීමට බොහෝ රටවල් උත්සුක වෙයි.

    බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින සහ ඇල්බට් කුමරු ඔවුන්ගේ වින්ඩ්සර් කාසල් හි ගතකරන නිවාඩුව සැමරීමේ කොටසක් ලෙස ගසක් අලංකාර කිරීමට ආරම්භ කිරීමත් සමඟ 1848 දී නත්තල් ගස ජනයා අතර අපූර්ව නත්තල් සැරසිල්ලක් ලෙස ජනප්‍රිය විය.

    එතැන් සිට ‘නත්තල් ගස‘ ශීත ඍතුවේ සීතල රාත්‍රී කාලයේදී පවා ජීවිතය සශ්‍රීක වීම පෙන්වන නිහඩ හඩක් සහ දීප්තිමත් මතකයන් පෙන්වන සලකුණක් ලෙස, ලොව පුරා නිවෙස් හා නගරවල නත්තලේ පොදු ලාංඡනයක් බවට පත්විය.

    මේ එලෙස 2015 වසරේ ලොව පුරා ඉදි වූ වඩාත් නිර්මාණාත්මක නත්තල් ගස් කිහිපයකි.

     

    01. ඇමරිකාවේ මිචිගන් හි සිංදු කියන නත්තල් ගස

     

    ඇමරිකාවේ මිචිගන්හි Mona Shores High School සිසුන් විසින් සිංදු කියන නත්තල් ගසක් ඉදිරිපත් කිරීමට සැරසෙයි. මෙම නත්තල් ගස ඉදිරිපත් කිරීමට සිසුන් 240දෙනෙකු තට්ටු පහලොවකින් සමන්විත අඩි 67ක් උස් වූ නත්තල් ගසේ සිට කැරොල් ගීත ගායනා කරනු ඇත.

    CT 1

     

    02. තායිවානයේ තායිපේ නුවර LED නත්තල් ගස

     

    උසින් අඩි 118ක් වන මෙම LED නත්තල් ගස තායිවානයේ තායිපේ නුවර විශාලතම මහජන නත්තල් සැරසිල්ලක් වේ. නිවාඩු මාසය වන දෙසැම්බර් උදාවත් සමඟ මෙම නත්තල් ගස හිරු බැස යෑමෙන් පසු සෑම පැය භාගයකට වරක්ම ආලෝක දර්ශනයක් දක්වයි.

    CT 2

     


    03. එංගලන්තයේ ලන්ඩන් නුවර ඩිස්නි නත්තල් ගස

     

    සෙල්ලම් බඩු 2,000ක් පමණ යොදාගෙන එංගලන්තයේ ලන්ඩන් නුවර ශාන්ත පැන්ක්‍රාස් ජාත්‍යන්තර ස්ථානෙය් මෙම ඩිස්නි තේමාව සහිත නත්තල් ගස නිර්මාණය කර ඇත.

    CT 3

     

    04. ලෙබනන් හි Byblos නත්තල් ගස

     

    ලෙබනන් හි Byblos නුවර ලෝකයේ පැරණිතම වරායෙ හි මෙම නත්තල් ගස නිර්මාණය කර ඇත.

    CT 4

     

    05. පිලිපීනයේ Quezon නගරයේ අඩි 50ක් උස නත්තල් ගස

     

    පිලිපීනයේ Quezon නගරයේ ලොව පස්වන විශාලතම වෙළඳ සංකීර්ණය වන ‘SM North‘ හි නිර්මාණය කර ඇති අඩි 50ක් උස නත්තල් ගස නොවැම්බර් 6 දා සිට විවෘත වී තිබේ.

    CT 5

     

    06. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ලෙගෝ කැට නත්තල් ගස

     

    ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සම්මේලන චතුරශ්‍රයේ (Federation Square) නිර්මාණය කර ඇති මෙම නත්තල් ගසට මිලියන භාගයකට අධික Lego bricks (ලෙගෝ කැට) යොදා ගෙන ඇත.

    CT 6

     

    07. ඉතාලියේ ටියුරින් හි නිර්මාණාත්මක නත්තල් ගස

     

    ඉතාලියේ ටියුරින් හි Piazza Castello හි මෙම නිර්මාණාතමක නත්තල් ගස ඉදි කර ඇත.

    CT 7

     

    08. ඇමරිකාවේ වොෂින්ටන් ඩීසී වසර 90ක් වයසැති ස්වාභාවික නත්තල් ගස

     

    ඇලස්කාවේ Chugach ජාතික වන උද්‍යානයෙන් ගලවාගෙන සැතපුම් 4,400ක් ප්‍රවාහනය කර ඇමරිකාවේ වොෂින්ටන් ඩීසී වෙත රැගෙන පැමිණි වසර 90ක් වයසැති ලුට්ෂ් ස්පෘස් ගස යොදා ගෙන එක්සත් ජනපද ප්‍රධාන ගොඩනැගිල්ලේ බටහිර පැත්තට වන්නට මෙම ස්වාභාවික නත්තල් ගස නිර්මාණය කර ඇත. මෙම ගස උස අඩි 74ක් වන අතර බර රාත්තල් 6,400ක් වේ.

    CT 8

     

    09. ඇමරිකාවේ වොෂින්ටන් ඩීසී ජාතික නත්තල් ගස

     

    ඉලිප්සාකාර හැඩයකින් යුක්තව නිර්මාණය කර ඇති මෙම නත්තල් ගස ඇමරිකාවේ 93වන ජාතික නත්තල් ගස වේ.

    CT 9

     

    10. පෝලන්තයේ වෝර්සෝ නුවර නත්තල් ගස

     

    මෙම නත්තල් ගස පෝලන්තයේ වෝර්සෝ නුවර රාජකීය බලකොටුව අසල ශාන්ත නිකලස් තුමන්ගේ (නත්තල් සීයා) මංගල්‍යයට පෙර දින වෝර්සෝ පැරණි නගරය ආලෝකමත් කරමින් විවෘත විය.

    CT 10

     

    11. ප්‍රංශයේ පැරිස් නුවර යෝධ නත්තල් ගස

     

    ප්‍රංශයේ පැරිස් නුවර Galeries Lafayette දෙපාර්තමේන්තු ගබඩා මැද මෙම යෝධ නත්තල් ගස නිර්මාණය කර ඇත.

    CT 11

     

    12. ලිතුවේනියාවේ විල්නියස් හි පිහිටි එරට ජාතික නත්තල් ගස

     

    ලිතුවේනියාවේ විල්නියස් හි ආසන දෙව්මැදුර චතුරශ්‍රයේ දී ආලෝක උත්සවයක් අතරතුර දී මෙම ජාතික නත්තල් ගස විවෘත කෙරිණි.

    CT 12

     

    13. චෙක් ජනරජයේ ප්‍රාග් හි නත්තල් ගස

     

    චෙක් ජනරජයේ ප්‍රාග් හි පරණ නගර චතුරශ්‍රයේ දී චෙක් ජනරජයේ විශාලතම නත්තල් වෙළෙඳ පොළ මධ්‍යයේ ස්ථානගත කර ඇති මෙම නත්තල් ගස නැරඹිය යුතුම දසුනකි. මෙම නත්තල් ගස පුරා නිර්මාණාත්මක ලෙස ඉතා කුඩා නිවාස ආකෘති එල්ලා ඇත.

    ct 13

     

    14. කැනඩාවේ ටොරොන්ටෝ හි ආලෝකමත් නත්තල් ගස

     

    කැනඩාවේ ටොරොන්ටෝ හි කැනඩාවේ විශාලතම සංකීර්ණය වන ඊට්න් මධ්‍යස්ථානයේ, මෙම ඉතා උස ආලෝකමත් යෝධ නත්තල් ගස නිර්මාණය කර ඇත.

    ct 14

     

    15. පිලිපීනය මැනිලා නුවර පරිසර හිතකාමී නත්තල් ගස

     

    පිලිපීනය මැනිලා නුවර මැනිලා සාගර උද්‍යානයේ (Manila Ocean Park) හි ඉදි කර ඇති ප්‍රතිචක්‍රීකරණය තේමා කොට ගත් පරිසර හිතකාමී නත්තල් ගස නිර්මාණය කර ඇත්තේ හිස් කඳුකර ඩිව් බෝතල් (Mountain Dew bottles) 6,500ක් යොදා ගනිමිනි.

    ct 15

     

    16. ලන්ඩන් නුවර ක්ලැරිජ් හෝටලයේ කුඩ නත්තල් ගස

     

    ලන්ඩන් නුවර ක්ලැරිජ් හෝටලයේ ක්‍රිස්ටෝපර් බේලි විසින් නිර්මාණය කරන ලද මේ වසරේ නත්තල් ගස රන් හා රිදී කුඩවලින් ආවරණය කරමින් නිමා කර ඇත.

    ct 16

     

    - අන්තර්ජාලය අැසුරිනි.

    : ශෂිනි ප්‍රනාන්දු

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya