අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව පුරා කාන්තා සිරකරුවන්ගේ වැඩිවීමක් - අධ්‍යයනයක් හෙළි කරයි

    සැප්තැම්බර් 24, 2015

    700,000කට වඩා වැඩි කාන්තාවන් හා ගැහැණු ළමුන් ලොව පුරා බන්ධනාගාරවල සිරකරුවන් ලෙස සිටින බව අධ්‍යයන වාර්තාවක් පවසයි.

    මෙම සංඛ්‍යාව පුරුෂයන්ගේ සිරකරුවන් වීමේ වර්ධන වේගය ඉක්මවමින් 2000 වසරේ සිට සියයට 50කින් ඉහළ ගොස් ඇතැයි, අපරාධ ප්‍රතිපත්ති පර්යේෂණ සඳහා ලන්ඩන් නුවර පිහිටි ආයතනයෙන් සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත.

     

    Prisoner 5584409

    ගණනය වූ මුළු සංඛ්‍යාවෙන් අඩක් පමණ කාන්තා බන්ධනාගාර රැඳවියන්ගේ ජනගහනය එක්සත් ජනපදය, චීනය හා රුසියාව යන රටවල් තුනෙන් වාර්තා වී ඇත. පර්යේෂකයන් පවසන්නේ තම අධ්‍යයනය ලොව පුරා ප්‍රජාපාලනය කරන ආණ්ඩුවල ගැඹුරු සැලකිල්ලකට ලක් විය යුතු බවයි.

     

    මෙම කාන්තාවන් හා තරුණියන් අතිශයින්ම අනතුරට පත් විය හැකි හා අවාසි සහගත කණ්ඩායම් වන අතර, තමන් අයුතු ලෙස යොදාගැනීමට ලක්වූ වින්දිතයන් වන බව ද Birkbeck විද්‍යාලයේ කොටසක් වන මෙම ආයතනයේ, සහකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ජෙසිකා ජේකබ්සන් මහත්මිය සඳහන් කර තිබේ.

     

    මෙම පර්යේෂණ වාර්තාව රටවල් සහ භූමි 219ක දත්ත මත පදනම් වී ඇත. සමහර රටවල සංඛ්‍යා දත්ත සපයා නැති අතර චීන දත්ත අසම්පූර්ණ බැවින් බන්ධනාගාර රැඳවියන් වන කාන්තාවන් හා ගැහැණු ළමුන් සම්පූර්ණ සංඛ්‍යාව තවත් වැඩි වීමට ඉඩ ඇති බව පර්යේෂකයන් පවසයි.

     

    මෙම පර්යේෂණ වාර්තාව අනුව අප්‍රිකානු රටවල සිරගතව සිටින කාන්තාවන් සංඛ්‍යාව අවම වන අතර එල් සැල්වදෝරයේ, බ්‍රසීලය, කාම්බෝජය සහ ඉන්දුනීසියාව වැනි රටවල මෙම තත්වය ඉතා ඉහළ අගයකින් වැඩිවන බව දැක ගත හැක.

     

     

    මූලාශ්‍ර - බීබීසී පුවත් සේවය

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya