අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැස්බෑවට කටුව ලැබුණු හැටි

    ජූනි 26, 2015

    අරුම පුදුම පෙනුමක් සහිත උරගයෙකු ගේ පොසිල අවශේෂ මඟින් කැස්බෑවට තම කටුව ලැබුණු ආකාරය පිළිබඳව නව මතවාදයක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇත.

     

    වසර මිලියන 240කට පමණ පෙර මේ කැස්බෑ ස්වරූපයේ සත්වයා තරමක් උණුසුම් පවතින කාලගුණයක් සහිත විශාල විල ක  ජිවත් වී ඇත. එහෙත් ඒ සත්වයාට කැස්බෑවට මෙන් කටුවක් නොතිබුණු බව වොෂිංටන් හි ස්වාභාවික විද්‍යාව පිළිබඳ ස්මිත්සෝනියන්ස් කෞතුකාගාරයේ හාන්ස් ඩියෙටර් සූස් මහතා පවසයි.

     

    Pappuchelys හඳුන්වන මේ මුල් කාලීන කැස්බෑවා පිළිබඳ විස්තර කරන විද්‍යාඥයන් පවසන්නේ උස අඟල් 8ක් පමණ (20 cm) දිග බවත්, සිහින් පාද, දිගු වල්ගයක් හා බෙල්ලක් හා අමුතු පෙට්ටියක් වැනි කඳ කොටසක් තිබුණු බවය.

     

    තව ද පොසිලයේ හිස් කබලේ ඇස් කෙවෙනිවලට පිටු පසින් විවරයන් දෙකක් විය. කැස්බෑ සත්වයන් කටුස්සන් හා  සර්පයන් ඇති වීමට හේතු වූ උරග විශේෂයට සමීපතාවක් දක්වන බව මෙයින් හෙළිදරව් වීම විශේෂත්වයකි. මින් පෙර පර්යේෂකයන් පැවසුවේ කැස්බෑවන් දැනට වඳ වී ඇති වෙනස්ම උරග විශේෂයකින් පරිණාමය වූ බවයි.

     

    කැස්බෑවන්ට කටුව ලැබුණේ කෙසේද යන්න පිළිබඳ ව ජීව විද්‍යාඥයෝ දිගු කලක් පුරා පර්යේෂණ කළහ. අනෙක් සතුන්ට විවිධාකාරයේ අස්ථිමය ඵලකයක් වර්ධනය වන අතර තමාගේම අස්ථිමය නිවසක් සහිත කැස්බෑවා ස්වාභාවදහමේ අද්විතීය නිර්මාණයක් බව සූස් මහතා පවසයි.

     

    කැස්බෑවෙකු ලෙස හඳුනාගත හැකි පොසිලයක් මුල් වරට හමු වන්නේ වසර මිලියන 214කට පමණ පෙර යුගයට අයත් වූ පොසිලයකි.

     

    මේ නව පොසිලය ජර්මනියේ ස්ටට්ගාට් ප්‍රදේශයේ හුණුගල් ආකරයක තිබී සොයා ගත් අතර එය දුටු විටම මේ පැරණි යුගයේ කැස්බෑවෙකුගේ පොසිලයක් විය හැකි යැයි තමාට වැටහුණු බව සූස් මහතා සඳහන් කර ඇත.

     

    2008 දී චීන පර්යේෂකයන් විසින් කැස්බෑ ස්වරූපයේ සත්වයෙකුගේ පොසිලයක් සොයා ගත් අතර පුළුල් විහිදුණු ඉල ඇට සහිත එය පර්වතයකින් හමු විය. එම පොසිලය වසර මිලියන 220ක් පමණ පැරණි බව සූස් මහතා පවසයි.

     

    මීට සමාන සත්වයෙකුගේ පොසිලයක් මීට පෙර දකුණු අප්‍රිකාවෙන් සොයා ගැණුනු අතර එය වසර මිලියන 260ක් පමණ පැරණි වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya