අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට ශුභ දිශාවකට යොමුකළ රජය දින 100 පසුකරයි

    අප්‍රේල් 23, 2015

    ජනවාරි 08වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධුරයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ නව රජය ඉදිරිපත් කළ දින 100 වැඩසටහන අදින් (23) අවසන් වේ.

    දින 100 වැඩසටහන තුළින් පොරොන්දු වූ පරිදි මධ්‍යම පාන්තික ජනතාවට වැඩි වශයෙන් සහන ලැබීම විශේෂත්වයකි. ඒ අනුව සාමාන්‍ය ගෘහස්ථයක ජීවන වියදම අඩු කිරීමටත් ජනතාවගේ ආදායම හා ඉතුරුම් වැඩි කිරීමටත් මෙම වැඩසටහන සමත් වී ඇත. වසර ගණනාවකට පසු සිංහල අවුරුද්දට පෙර මාර්තු මාසයේ ජීවන වියදම අඩු වී ඇති අතර සාමාන්‍ය ජනතාව සහන රැසක් සමඟ පීඩාවකින් තොරව මෙවර සිංහල දෙමළ අවුරුද්ද සමඟියෙන් සැමරූ බව පෙනෙන්නට තිබේ.

     

    ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම, ජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීම හා අල්ලස්, දූෂණ චෝදනා ඇති පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒම මෙම දින 100 වැඩසටහන තුළින් රජය පොරොන්දු වූ මූලික කරුණු වේ.

     

    දින 100 වැඩසටහනේ සියයට 85ක් මේ වනවිටත් සිදු කර ඇති බවත් ඉතිරිය අවසන් අදියරේ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් රජය පවසයි. ඒ අනුව,

     

    -රජ්‍ය සේවක වැටුප රුපියල් 5,000කින් ඉහළට, පොරොන්දු වූ ඉතිරි මුදල ජුනි සිට ලබා දීමට සැලසුම් කර ඇත.
    -විශ්‍රාමිකයින්ගේ දීමනාව රුපියල් 3,500කින් ඉහළට
    -අත්‍යවශ්‍ය ආහාර වර්ග 13ක මිල අඩු කිරීම
    -ඉන්ධන මිල
    -ගෑස් මිල අඩු කිරීම
    -ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුම්වල මුල් ලක්ෂ 10ට සියයට 15ක පොළි අනුපාතයක් දීම
    -සමෘද්ධි දීමනාව සියයට 200ක් දක්වා වැඩි කිරීම
    -ගර්භණී මවුවරුන්ට රුපියල් 20,000ක දීමනාවක් ලබා දීම
    -වී මිල රුපියල් 50 දක්වා වැඩි කිරීම
    -අමු තේ දළු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 80 දක්වා වැඩි කිරීම
    -අර්තාපල් කිලෝ ග්‍රෑමය රුපියල් 80ක සහතික මිලකට
    -සියලු ගොවි ණය සියයට 50කින් කපා හැරීම
    -දිවයින පුරා නොමිළේ වයි-ෆයි කලාප ඇතිකිරීම
    -දුම් වැටි අසුරනයේ රූපමය අවවාද සඳහා සියයට 80ක ඉඩකඩක් ලබා ගැනීමේ පනත සම්මත කිරීම. (ජුනි මස සිට ක්‍රියාත්මක වීමට නියමිතය)
    -වින්ධිතයින් සහ සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සම්මත කිරීම
    -ජාතික ඖෂධ නියාමන පනත සම්මත කිරීම, රජය විසින් සාර්ථකව සිදු කරන ලදී.


    අමතරව, ඉදිරියේ දී අඩුම ගුණාත්මක බවින් යුතු RSS 4/5 රබර් වර්ග සඳහා රුපියල් 110 ක ස්ථාවර මුදලකුත් ගුණාත්මක බව වැඩි RSS 3/2/1 සඳහා රුපියල් 300ක ස්ථාවර මුදලකුත් අප්‍රේල් අවසාන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.  කිරි මිල ජූලි සිට වැඩි කිරීමටත්, මැයි මස සිට මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5,000 දක්වා වැඩි කිරීමටත් නියමිතය.

     

    විධායක ජනාධිපති බලතල සීමා කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම සඳහා 19වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගැනීම සහ සම්මත කර ගැනීමට ඡන්දය විමසීම එළඹෙන සඳුදා (27) සහ අඟහරුවාදා (28) සිදු කිරීමට නියමිතය.

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය පත් වී දින 100ක් ගතවන විට පසුගිය වසර ගණනාවකට සිදු නොවූ විශාල සමාජමය හා ආර්ථික වෙනසක් රට තුළ දක්නට ලැබේ. එසේම නොබැඳි පිළිවෙතක් අනුගමනය කරමින් විදේශ ප්‍රතිපත්තිය නව මාවතකට ගෙන ඒමට රජයට හැකි වී ඇත.

     

    ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ පසුගිය කාලයේ මානව හිමිකම් පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් රට තුළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සතුරු වූවා යැයි පැවසෙන ඇමරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් අද මිතුරන් වී ඇති බවත්ය. එසේම, රුසියාව එදා මෙන්ම අදටත් අප සමඟ සබඳතා පවත්වන බවත් චීනය සමඟ කවදත් පැවති ගැඹුරු මිත්‍රත්වය නොවෙනස්ව පවත්වාගෙන යාමටත් රජයට හැකියාව ලැබී ඇති බවත් ය.

     

    රජය මැදිහත්ව යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට රටතුළ දේශීය පරීක්ෂණයක් පවත්වා අපරාධ සිදු වී ඇත්නම් රටතුළ දී දඩුවම් ලබා දීමේ ක්‍රියාදාමයකට ජාත්‍යන්තරය ද එකඟ වී ඇති බවත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    ඒ අනුව, ඉතාමත් සුළු කාල පරාසයක දී ජාතික ආණ්ඩුවක් ලෙස සියලුම පක්ෂ එකට එක්ව කටයුතු කිරීමෙන් බෙදුම්වාදය බිඳ දමා රටේ මහ ජාතිය හා සමානව සුළු ජාතීන්ටත් එක ලෙස සමානත්මතාවක් ලැබෙන සේ කටයුතු කිරීමට පවතින රජයට හැකියාව ලැබී ඇත. දින 100 වැඩසටහන තුළින් පාලන තන්ත්‍රයට ඉලක්කගත වූ සමාජ හා ආර්ථික සැබෑ අවශ්‍යතා අද වනවිට වැඩි සාර්ථකත්වකින් ජනතාවට ලබා දීමට සමත් වී ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya