අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාවේ නව නායකයා ඉදිරියේ ඇති භාරඳූර කාර්යභාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම - ටයිම් සඟරාව

    අප්‍රේල් 16, 2015

    ශ‍්‍රී ලංකාවේ නව නායකයා ඉදිරියේ ඇති භාරඳූර කාර්යභාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම සහ මහ බලවතුන් සමනය කිරීම බව ටයිම්සඟරාව පසුගියදා ලිපියක් පළ කරමින් සඳහන් කළේය.

     

    පසුගිය අප්‍රේල් 09 වැනි දින ජනපති ටයිම්සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවෙන් පසු ටයිම්ස් සඟරාව පළ කළ ලිපිය පහත දැක්වේ.


    ශ‍්‍රීලංකාවේ ජනාධිපතිතුමාගේ මෝටර් රථ පෙළ මාර්ගයේ රතු සංඥාවක් දුටු විට දැන්සිදු වන්නේ මීට මාස කීපයකට පෙර කිසිසේත් දැකිය නොහැකි වූ දසුනකි. රථ පෙළනවතා තබා කොළ සංඥාව ලැබෙන තුරු බලා සිටී. අලුත් අත්දැකීම එපමණක් ද නොවේ.පෙර වූ වාහන 16 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාව වෙනුවට දැන් ජනාධිපති රිය පෙළටඇත්තේ වාහන දෙක තුනක් සහ මෝටර් බයිසිකල් දෙකක් පමණි. එදා මාර්ග සංඥා නොතකාගමන් කළ එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රිය පෙළට බලාපොරොත්තු රහිතලෙස රතු එළිය වැටුනේ ජනවාරි මස 8 වනදාය.


    එදින අවුරුදු 9 ක් එක දිගටමෙම දිවයින් රාජ්‍යය පාලනය කළ 69 හැවිරිදි රාජපක්‍ෂට පරාජයක් හිමිවන බවමැතිවරණ දා උදෑසන සිටම දක්නට ලැබුණි. 2009 දී ඔහු දශක තුනක් සිවිල් යුද්ධයේයෙදී සිටි දෙමළ සුළුතරයට අයත් බෙදුම්වාදීන්ව යුද බිමේදී පරාජය කළ අතරඑක්සත් ජාතීන්ගේ සමහර වාර්තා සඳහන් කරන පරිදි එහිදී මිය ගිය දෙමළ වැසියන්ගේසංඛ්‍යාව 40,000 ද විය හැක. වසරකට පසුව රාජපක්‍ෂ සිංහල බෞද්ධ වැඩි ජනතාවගේසහාය ඇතිව දෙවන වරට ද තේරී පත්විය.


    යුද්ධයේ අවසන් කාල සීමාවේසිදුවී යයි කියන මානව හිමිකම් කඩ කිරීම් ගැන සොයා බැලීමට කළ ඉල්ලීම ගැනකිසිසේත් නොතැකූ රාජපක්‍ෂ, පාලනය ගෙන ගියේ සිය පවුලේ සාමාජිකයින්ට පාලනතන්ත‍්‍රයේ අණසක පැතිරවීමට ඉඩකඩ සලසමිනි. ජනාධිපතිගේ සහෝදරයෙක් ජාතිකආරක්‍ෂාව භාරව සිටි අතර, තවකෙකු ආර්ථික සංවර්ධනය භාරව සිටියේය. තෙවනසහෝදරයා පාර්ලිමේන්තුවේ කථානායක විය. රාජපක්‍ෂ, පාලනයට විරුද්ධ මතධාරීන්වනිහඬ කළේ අයෝමය හස්තයකිනි. රජය විවේචනය කළ මාධ්‍යාවේදීන් සහ දේශපාලනක‍්‍රියාකාරීන්ව අත්අඩංගුවට ගැනීම සහ හිරිහැර කිරීම් පමණක් නොව නොම්මර තහඩුරහිත සුදු වෑන් වලින් පැහැර ගැනීම් ද සිදු විය. සමහරු අතුරුදහන් වූහ. (කෙසේ වුවද රාජපක්‍ෂ රජය මේ සියලු චෝදනා ප‍්‍රතික්ෂේප කළාය.)


    එහෙත්බලාපොරොත්තු රහිත ලෙස මෙම උඩු රැවුලක් සහිත ශක්තිමත් නායකයාට බලය අහිමිවිය. ඡන්ද දායකයා ශ‍්‍රී ලංකාව එක් පවුලකට බලය හිමි ඒකාධිකාරී පාලනයක් වෙතටගෙන යමින් සිටි එම නායකයාව පරාජය කරමින් නව ජනාධිපති ලෙස කලින් බොහෝ දෙනානොදැන සිටි, රාජපක්‍ෂ රජයේම හිටපු ඇමතිවරයෙකු වූ 63 හැවිරිදි මෛත‍්‍රීපාලසිරිසේනව තෝරා ගත්තාය. ඡන්ද ප‍්‍රතිඵලය ගැන සිරිසේන ද පුදුමයට පත්විය. ‘‘ඡන්දයෙන් ජය ගත් නමුත් දින කීපයක් යනතුරු මටත් දැනුනේ නැහැ මා ජනාධිපතිබව’’ ජනාධිපති සිරිසේන ජාත්‍යන්තර ඉංග‍්‍රීසි සඟරාවකට දුන් සිය ප‍්‍රථමසම්මුඛ සාකච්ඡාවේදී ටයිම්සඟරාවට පැවසුවේ සිනා මුසු මුහුණිනි. ‘‘ඒ වාගේමරාජපක්‍ෂ පවුල ද සිතන්නට ඇති මොකක්ද මේ වුණේ කියා.’’


    රාජපක්‍ෂගේ අතිවිශාල රිය පෙරහැර පමණක් නොව තවත් කටයුතු ගැන දැන් හෙළිදරව් වී ඇත.ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේ 5000 කට අසුන්ගත හැකි සුඛෝපභෝගී භෝජනාගාරයක්ඉදි කර තිබුණේ වර්ණ වෙනස් කළ හැකි සුවිශාල සිවිලින් පහන් ආදී නවීන අංගෝපාංගද සහිතවයි. දැන් එම සංකීර්ණය අගමැති රනිල් වික‍්‍රමසිංහගේ කාර්යාල බවටපත්ව ඇත. ජනපති සිරිසේන තවමත් පදිංචි වී සිටින්නේ රාජපක්‍ෂ රජයේ සෞඛ්‍යඇමති ලෙස නැවතී සිටි නිවසේමය.
    සිරිසේනගේ සහායක නිලධාරීන් පවසන පරිදිඔහුගේ පිළිවෙත පෙනුමට පමණක් සීමාවූවක් නොවේ. ජනාධිපති විධායක බලතල අඩුකිරීමට පමණක් නොව ජනාධිපති ධුර කාලය  අඩු කිරීමට මෙන්ම අගමැතිවරයාගේනායකත්වයෙන් යුතු පාර්ලිමේන්තුවට විධායක බලතල පැවරීමට ද ව්‍යවස්ථා සංශෝධනගෙන ඒමට ඔහු සහාය දෙයි. රාජපක්‍ෂ පාලනය යටතේ බලය එක් පවුලකට සීමා වූ බවසිරිසේන ටයිම් සඟරාවට පැවසීය. ‘‘එලෙස අනාගතයේදී කවදාවත් එක් පවුලකට බලයහිමි කර ගැනීමට ඉඩක් නොලැබෙන ලෙස අපි ව්‍යවස්ථාව සංශෝධනය කරනවා.’’


    චීනයේ ප‍්‍රතික‍්‍රියාව

    ශ‍්‍රීලංකාව දියුණුවන ලෝකයේ පැරණිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකි. 1948 දීබි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ පසු දිගටම සම්ප‍්‍රදායික ලෙස මහ මැතිවරණපැවැත්වුනි. දීර්ඝ කාලීන ගැටුමකට පසු දැන් රටට අතීතයේ තිබූ නිදහස යළි ඇතිකිරීමටත් සරල පාලන තන්ත‍්‍රයකුත් අවශ්‍යය. එහෙත් සිරිසේන අනපේක්‍ෂිත ලෙසබලයට පත්වීමේ දෝංකාරය රටින් පිටතට ද දැනුණි. කැමති වුවද නොවූවද මෙම දිවයිනේරාජ්‍යය බලවතුන්ගේ භූගෝලීය දේශපාලන සෙල්ලමේ කොටස්කරුවෙකි.


    කොළඹනගරයේ වෙරළාසන්න තේජාන්විත යටත්විජිත පාලනයේ ගොඩනැගිල්ලක පළමු මහළේ සුවිශාලකාර්යාලයේ සිට ජනාධිපති සිරිසේන සිය පාලන කටයුතු ගෙන යයි. මෙම ගොඩනැගිල්ලඉදිරිපස ඇත්තේ විශාල ගල් සහ වැලි අතුරා මුහුද ගොඩ කරමින් ඉදි කෙරෙන ඩොලර්බිලියන 1.4 ක කොළඹ වරාය නගර ව්‍යාපෘති ප‍්‍රදේශයයි. සුවිශාල හෝටල්, නිවාස, වෙළෙඳ සංකීර්ණ ආදිය ගොඩ නැගීමේ මෙම යෝධ යෝජනා ක‍්‍රමය දැන් තාවකාලිකව නවතාඇත්තේ එයට අනුමැතිය දුන් විවිධ බලපත‍්‍ර යළි පරීක්‍ෂා කර බැලීම සඳහා ය.චීනයේ සුවිශාල ණය ආධාර මත රාජපක්‍ෂ පාලන තන්ත‍්‍රයේදී ඇරඹුනු යොජනා ක‍්‍රමගණනාව අතුරෙන් ප‍්‍රමුඛත්වය ගන්නේ පසුගිය සැප්තැම්බර් මස චීන ජනාධිපති ෂීජින්පින් විසින් මුල්ගල් තබන ලද මෙම කොළඹ වරාය නගර යෝජනා ක‍්‍රමයයි.


    ජනාධිපතිෂී ගේ සංචාරය ශ‍්‍රී ලංකාවට ක‍්‍රමෝපාය වැදගත් කමකින් යුක්තය. ජනගහනයමිලියන 20 කට සීමා වූ කුඩා රටක් වුවද ශ‍්‍රී ලංකාව භූගෝලීය වශයෙන් පිහිටාඇත්තේ ඉන්දියාවට දකුණෙන් වූ ඉන්දියාව, චීනය සහ එක්සත් ජනපදය සිය බලපෑම්තරකර ගැනීමට දැඩි උනන්දුවක් දක්වන ඉන්දියානු සාගර කලාපයේය. මානව හිමිකම්කඩවීම් චෝදනා මත බටහිර ජාතීන්ගෙන් දුරස් වූ රාජපක්‍ෂ රජය කිට්ටු වූයේ චීනයදෙසට ය. චීනයෙන් ඩොලර් බිලියන ගණනින් ණය ආධාර ලබා ගැනීමට අමරතව පසුගිය වසරේදෙවරක්ම චීන යුද සබ්මැරීන් යානාවලට කොළඹ වරායට ඇතුළුවීමට ඉඩදීම ඉන්දියාවේකණස්සල්ලට හේතු විය. ශ‍්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපතිවරිය වූ දැන්වොෂින්ටන්හි බ්රූකිංස්ආයතනයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් දරණ ටෙරසිටා ෂේෆර්මහත්මිය පැවසුවේ රාජපක්‍ෂ චීනය සමඟ සිය සබඳතා ගැන ඉහළින් කතා කරන බවය. ඇයඑම පිළිවෙත හැඳින්වූයේ සිදුවී යැයි කියන යුද අපරාධ ගැන බලපෑම් කරන බටහිරටකොකා පෙන්වීමක් ලෙසටය.


    2009 හමුදා ජයග‍්‍රහණයට පසු ශ‍්‍රී ලංකාවේවිදේශ ප‍්‍රතිපත්තිය නිසි දිසාවකින් තොර වී යයි සිරිසේන සිය මැතිවරණප‍්‍රකාශනයේ සඳහන් කළ බැවින් නව රජයේ බල කේන්‍ද්‍රය වෙනස් වන බවක් පෙණුනි.එහෙත් එය චීනයෙන් ඉවතට බරවීමක් ලෙස විස්තර කළ නොහැකි යැයි අගමැතිවික‍්‍රමසිංහ මහතා ටයිම් සඟරාවට පැවසීය. පෙර රජය චීනය හැර සියලූම අනෙක්රටවලින් ඈතට නැඹුරු විය. අප බටහිර පමණක් නොව ඉන්දියාව ද පසමිතුරු කර ගැනීමටක‍්‍රියා කළා. එය දිගටම කළ හැකි ක‍්‍රියාවක් නොවේ. ශ‍්‍රී ලංකාවට චීනයපමණක් නොව බටහිරත් අවශ්‍යයි. එමෙන්ම ඉන්දියාවත් අවශ්‍යයි.’’
    එලෙසටමසිරිසේන ජනවාරි මස ජයග‍්‍රහණයට පසු ප‍්‍රථම චාරිකාව සඳහා ඉන්දියාව තෝරාගැනීමෙන් අනතුරුව ඉන්දියානු ඇගමැති නරේන්‍ද්‍ර මෝදි මහතා ද ශ‍්‍රී ලංකාවේචාරිකාවක නිරත විය. එමෙන්ම චීනයේ චාරිකා කරමින් බීජිංහි ශ්‍රේෂ්ඨ මහජනශාලාවේදී සුවිශේෂ පිළිගැනුමක් ලැබුවේය. එහෙත් කොළඹ සහ බීජිං අතර සබඳතාවලශක්තිය පැහැදිලි වන්නේ දැනට අත්හිටුවා ඇති කොළඹ වරාය නගර යෝජනා ක‍්‍රමයේඅනාගතය ගැන ගන්නා තීන්දුව මතය. සිරිසේන පැවසුවේ සිය රජය සියලූම විදේශිකඅරමුදල් ලැබූ යෝජනා ක‍්‍රම මෙන්ම දේශීය යෝජනා ක‍්‍රම ගැන ද යලි පරීක්‍ෂාකිරීමට තීරණය කළ බවයි. ඒවායේ විවිධ අක‍්‍රමිකතා සහ අල්ලස් ¥ෂණ පිළිබඳ චෝදනාතිබෙන බැවින් එසේ පරීක්‍ෂා කරනු ලැබේ. ‘‘අපි කිසිවකුට පසමිතුරු වන්නේනැහැ. අපි සියලූම රටවලට මිත‍්‍රත්වයේ සුරත දිගු කරන්නෙමු’’ ජනාධිපතිසිරිසේන ටයිම් සඟරාවට පැවසීය.


    අසාමාන්‍ය නායකයෙක්

    සිරිසේනගේදේශපාලන චරිතයේ පෙරළිකාරී චරිත ලක්‍ෂණයක් පෙනෙන්නට නැත. රාජපක්‍ෂ මෙන්මසිරිසේන ද සිංහල බෞද්ධ බහු ජාතියට අයත් වන අතර, පාසැල් වියේ පටන් ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයේ තරුණ පෙරමුණේ සාමාජිකත්වය ලබා දේශපාලන දිවිය ඇරඹූචරිතයකි. 1970 දශකය මුලදී වාමාංශික රාජ්‍ය විරෝධී අසාර්ථක විප්ලවයට සම්බන්ධයැයි චෝදනා ලබා මාස 15 ක් සිර අඩස්සියේ ද සිටියේය. රජයේ පාලන තන්ත‍්‍රයේග‍්‍රාමීය මට්ටමේ තමා දැරූ තනතුරෙන් ඉල්ලා අස්වී පූර්ණ කාලීන දේශපානඥයෙකුවූ සිරිසේන 1989 දී පාර්ලිමේන්තුවට මුල් වරට තේරී පත්විය. ඉන්පසු පක්‍ෂයේනිලතල කීපයක් දැරූ ඔහු පසුව අමාත්‍යංශ කීපයක ද තනතුරු දැරීය. පොළොන්නරුවදිස්ත‍්‍රික්කයේ කෘෂිකාර්මික පරිසරයක දිවි ගෙවූ සිරිසේනගේ දේශපාලන දිවියේපළුදු දක්නට නොලැබුණු අතර, පිරිසිදු චරිතයක් ලෙස ලබාගත් ප‍්‍රතිරූපය ඔහුටරාජපක්‍ෂ පාලන තන්ත‍්‍රයෙන් නොවැම්බර් මාසයේදී ඉවත් වූ අවස්ථාවේදී බෙහෙවින්ප‍්‍රයෝජනවත් විය. ජාත්‍යන්තර අර්බුද විමර්ශන කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ තනතුරක්හොබවන ඇලන් කීනන් පැවසුවේ සුඛෝපභෝගී පහසුකම්වලට ලැදි සුවිශාල දූෂණ චෝදනාඑල්ලවූ රාජපක්‍ෂ පවුලේ පාරම්පරික පාලන ප‍්‍රතිරූපය ඉදිරියේ සිරිසේනගේප‍්‍රතිරූපය හාත්පසින්ම වෙනස් වූවක් බවය.


    මහජන සබඳතා අතින් සිරිසේනජාත්‍යන්තර තලයේ සටනින් ද පහසු ජයක් ලැබීය. දෙමළ විමුක්ති කොටි සංවිධානයසමඟ පැවති යුද්ධයේ අවසන් සමයේ සිදුවී යයි කියන මානව හිමිකම් චෝදනා ගැනස්වාධීන පරීක්‍ෂණයක් කිරීමට එක්සත් ජාතීන්ට ඉඩ දිය යුතු යැයිජාත්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම්වලට රාජපක්‍ෂ අවනත නොවීය. (කෲරත්වය ගැන කොටිසංවිධානය ද නම් දරා සිටි අතර, මරාගෙන මැරෙන බෝම්බකරුවන් පාවිච්චිය ආරම්භකළේ ද එම සංවිධානය විසිනි.) සිරිසේන සිය මැතිවරණ ව්‍යාපාරයේ පොරොන්දු වූයේදේශීය යාන්ත‍්‍රණයක් පිහිටවනබවටය. එම යාන්ත‍්‍රණය ජූනි මස අවසානය වනවිටපිහිටවන බව ජනාධිපතිවරයා ටයිම් සඟරාවට පැවසීය. සිරිසේනට ඒ සඳහා කාලය ලබාදීමට එක්සත් ජාතීන් ද මානව හිමිකම් වාර්තාව මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වාකල් දැමීමට තීරණය කර ඇත. එමෙන්ම නව රජය දෙමළ බහුතරය සහිත උතුරුප‍්‍රාන්තයේ හමුදා ආණුඩුකාරවරයා වෙනුවට සිවිල් ආණ්ඩුකාරවරයෙක් පත්කර ඇත.


    එමෙන්ම දකුණු අප‍්‍රිකාවේ මෙන් සත්‍යය සහ සංහිඳියාව උදෙසා කොමිසමක් පත් කිරීමට ද පියවර ගැනීමට නියමිතය.
    එහෙත්පළමුව සිරිසේනගේ දේශපාලන ආධාරකරුවන් මහ මැතිවරණයකින් ජය ගත යුතුව ඇත. තමාමැයි මස පාර්ලිමේන්තුව විසිරුවා හැර ජූනි අගදී හෝ ජූලි මස මුලදී මහමැතිවරණයක් පවත්වන බව සිරිසේන ටයිම් ස`ඟරාවට පැවසීය. එහිදී පාර්ලිමේන්තුඅසුනකට තරග කර රාජපක්‍ෂ ද යළි දේශපාල චිත‍්‍රයට ඇතුළුවීමට ඉඩ තිබේ. විකල්පප‍්‍රතිපත්ති කේන්‍ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු පැවසුවේරාජපක්‍ෂ සිරිසේන රජයේ හිසට උඩින් එල්ලා ඇති කඩුවක් වැනි බවය. දිවයිනේදකුණේ පිහිටි තංගල්ලේ නිවසේදී රාජපක්‍ෂ ටයිම් සඟරාවට පැවසුවේ නව රජයට තමාවදේශපාලනයෙන් ඉවත් කළ නොහැකි බවය. ‘‘උවමනාවට වඩා විශ්වාසය තබා ගැනීමට හොඳදෙයක් නොවේ.’’ රාජපක්‍ෂ පැවසීය. අයථා පාලනය, පවුල්වාදය ආදී චෝදනා මෙන්මජනවාරි මස මැතිවරණයට පසු බලෙන් පාලනයේ සිටීමට කුමන්ත‍්‍රණය කළේය යන චෝදනාව දඔහු ප‍්‍රතික්‍ෂෙප කළේය. නව රජය උත්සාහ කරන්නේ තමන්ට මඩ ගැසීමට යැයිරාජපක්‍ෂ ටයිම් සඟරාවට කීය.


    දැනට සිරිසේන හොඳින් ස්ථාපිත වී සිටී.ඔහු දැන් සිය දින සියයේ ප‍්‍රථම අදියර අවසන් කිරීමට ආසන්නව සිටී.විවේචකයින් වෙත සංයමයෙන් යුතු ආකල්පයක් සිරිසේන දරණ බව කොළඹ මාධ්‍යවේදීහුසහ දේශපාලන ක‍්‍රියාකාරීහු පවසති. ‘‘මම දැන් ඉස්සර වාගේ බය නැහැ’’ පසුගියවසරේදී දෙමළ දේශපාලන ක‍්‍රියාකාරිකයෙකුගේ අතුරුදහන්වීම පිළිබඳ විරෝධය පළකිරීම නිසා සිර භාරයේ සිටි මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙකු වන රුකීප‍්‍රනාන්දු පැවසීය. ‘‘රාජ්‍ය මාධ්‍යයේ කළින් දේශද්‍රෝහීන් ලෙස හැඳින්වූවන්දැන් රූපවාහිනී සාකච්ඡාවලට සහභාගි වෙනවා’’ ඔහු කීය.


    ජනාධිපතිසිරිසේන පැවසුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනම යළි සවිමත් කිරීමටඅවශ්‍ය බවය. ‘‘මා බලයට පත්වූයේ බලය සවිමත් කිරීම සඳහා නොවේ. මගේ අතේ තිබෙනබලය අනෙක් අංශවලට පැවරීමටයි.’’ ජනාධිපතිවරයා පැවසීය. ‘‘බලය කේන්‍ද්‍රගතවීම රටට විශාල ප‍්‍රශ්නයක් වූවා. ඇත්තෙන්ම බලය බෙදා හැරිය යුතුයි.’’ සම්පූර්ණ ඒකාධිකාරී පාලන තන්ත‍්‍රයක් දෙසට තල්ලුවෙමින් පැවති රටකට මෙයපූර්ණ අපේක්‍ෂාව පිළිබඳ සංදේශයකි.

     

    priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya