අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එයාර් චයිනා චෙන්ග්ඩු-කොළඹ අතර සෘජු ගුවන් ගමන් අරඹයි

    ජනවාරි 26, 2015

    චීනයේ ගුවන් සමාගමක් වන එයාර් චයිනා නිරිත දිග චීනයේ සෙයිචුආන් පළාතේ චෙන්ග්ඩු සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් එළඹෙන පෙබරවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

    ජාත්‍යන්තර ගමන් මාර්ග 78ක් ඇතුළුව ප්‍රධාන නගර 187ක් සම්බන්ධ කරමින් ගුවන් සේවා ක්‍රියාත්මකවන නිරිත දිග චීනයේ ප්‍රධාන ගුවන් ගමන් මධ්‍යස්ථානයක් වන චෙන්ග්ඩු සිට මෙම ගුවන් ගමන් බලපවත්වනු ඇත.

     

    A330 ගුවන් යානය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් හි චෙන්ග්ඩු හා කොළඹ අතර ගුවන් ගමන් සිදු කරනු ඇත. චෙන්ග්ඩු සහ කොළඹ අතර එක් සෘජු ගුවන් ගමනක් සඳහා පැය 5කුත් මිනිත්තු 30කුත් ගතවන බව එයාර් චයිනා පවසයි.

     

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙල ආගන්තුක සත්කර සන්නාමයක් වන ජෙට් වින් එයාර් චයිනා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයා වේ.


    වෙළෙඳ හා ආර්ථික කටයුතුවල දියුණුව හේතුවෙන් නිරිත දිග චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් මගීන් සංඛ්‍යාව පසුගිය වසරේ පැහැදිලි ලෙස වර්ධනය වී ඇත. චීනය ශ්‍රී ලංකාවේ තෙවන වෙළෙඳ හවුල්කරුවන අතර 2009 වසරේ අවසන් භාගයේ දී චෙන්ග්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්ද විවෘත කෙරිණි. ඒ අතර චීන සංචාරකයින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාව සිය ගමනාන්තය කර ගනිමින් සිටියි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya